Posts

Showing posts with the label Environment

පරිසරයට වටිනාකමක් දීම

Image
 "මේ පරිසරවේදියො හිටියොත් මේ රට කවදාවත් දියුණු කරන්න වෙන්නෙ නැහැ."   උඩ image එකේ තියෙන්නෙ ප්‍රභාසංස්ලේෂණ සූත්‍රය. අපට හුස්ම ගන්න ඔක්සිජන් ලැබෙන්නේ ඔය සූත්‍රයේ තියන ක්‍රියාවලිය සිද්ධ වෙන්න ශාක අත්‍යාවශ්‍යයි. මේ ක්‍රියාවලියෙන් තමයි මිනිස්සු ඇතුළු සියලු සතා සිවු පාවුන්ගෙ පැවැත්ම ආරක්ෂා කරන්නෙ. ඒ නිසා තමයි ගහ කොල මිනිසුන්ගේ පැවැත්මට අත්‍යාවශ්‍ය වෙන්නෙ. මේකත් එක්ක අපි ගහ කොල වල ද්‍රව්‍යමය වටිනාකම ගණනය කරන විදිහ ගැන හිතන්න සිද්ධ වෙනවා. සාම්ප්‍රදායික ව අපි යම් කිසි පරිසර පද්ධතියකට වටිනාකමක් දෙනකොට සලකා බලන්නෙ ඒක විකිණීමෙන් , ඒකෙන් කරන නිෂ්පාදනය විකිණීමෙන් අපට ලැබෙන ආදායම ගැන විතරයි. උදාහරණයක් විදිහට විල්පත්තුව කපල ඒකෙ ලී ටික විකිණීමෙන් ලැබෙන ආදායම (හා ගෙවල් බෙදල ගන්න ඡන්ද ටික) , සිංහරාජය මැදින් පාරක් කපල සංචාරකයෝ ප්‍රවාහනය කිරීමෙන් ලබා ගන්න ආදායම (හා ලබා ගන්න ඡන්ද ප්‍රමාණය) වගේ දේවල් දක්වන්න පුළුවන්.   හැබැයි ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනකොට බොහෝමයක් ආයතන සහ රටවල් පරිසරයේ වටිනාකම පිළිබඳ නිර්ණායක ගැන අලුතින් සලකා බලන්න තීරණය කරල තියනවා. සාමාන්‍යයෙන් පරිසර පද්ධතියක වටිනාකම කොටස...