Posts

ලොකු කල්ලියේ කතාව

අපි කල්ලි දෙකක්. එකිනෙකාගෙ වැරදි වහන්න උදව් කරන්න, හොර ඩීල් දාන, මුදලට යටවෙන කල්ලිය සහ එදාවේල හම්බකරගන්න මහන්සි වෙන කල්ලිය. හොර ඩීල් දාන කල්ලියට තමයි බලය, මුදල් හා රැකවරණය තියෙන්නෙ. හැබැයි උන්ව බලයට පත් කරවන උඹටයි මටයි මොකද්ද එයින් ලැබුනෙ?

හොඳ මහජන නියෝජිතයෙක් තෝරාගන්නෙ කෙසේද?

අපි නිතර සමාජයේ අසන දෙයක් තමයි 'කාට ඡන්දෙ දුන්නත් වැඩක් නැහැ', 'හැම පක්ෂෙම එකයි' වගේ දේවල්.ඉතින්, ඡන්දයත් ළඟ නිසා අපි හිතුවා කොහොමද වැඩක්ඇති මහජන නියෝජිතයො තෝරගන්නෙ කියල කතා කරන්න. හොඳ මහජන නියෝජිතයො තෝරගන්න නම් අපි මුළින්ම පාර්ලිමේතුවට යන මන්ත්‍රිවරයෙකුගේ වගකීම මොකද්ද කියල අදුනගන්න ඔිනෙ. ඔිනෙම ප්‍රජාතන්ත්‍රවාදී රටක ව්‍යවස්ථාදායකයේ (අපේ රටේ ව්‍යවස්ථාදායකනය පාර්ලිමේන්තුව) කාර්යභාර්ය වෙන්න‌ෙ නීති සම්පාදනය හා ව්‍යවස්ථාව සම්පාදනය/ සංශෝදනය. එතකොට පාර්ලිමේන්තු යන මහජන නියෝජිතයන්ගෙ වගකීම වෙන්නෙ නීති සම්පාදනය කියන කාර්යභාර්යට සක්‍රීයව දායක වීම. දේශපාලනය තිත්ත වෙන තැනට ඇවිල්ල තියෙන්නෙ අපි පාරවල් කාපට් කරවන, රස්සාවල් හොයල දෙන, බත් පැකට් බෙදන, මළ ගෙදරට එන අපේක්ෂකයට ඡන්දෙ දීම නිසා. පාරවල් කාපට් කරල, රස්සාවල් හොයල දීල, බත් පැකට් බෙදල ව්‍යවස්ථාදායකයට යන බහුතරයක් මන්ත්‍රීවරුන්ට තේරෙන්නෙ නැහැ එයාලව එවල තියෙන්නෙ නීති සම්පාදනය කරන්න බව. ඉතින් ජනතාව හැටියට අපි මුළින්ම තේරුම් ගන්න ඔිනෙ, අපි යවන නියෝජිතය ඉන්නෙ රස්සාවල් හොයල දෙන්න නෙවෙයි කියල. මේක තේරුම් ගත්තට පස්ස‌ෙ අපිට පුළුවන් හොඳ මහජන නි

අනුර දකින රට

"විකල්ප බලවේග" කොපමණ තිබුණත්, ජනතා විමුත්කි පෙරමුණ යනු රටේ පළමු විකල්පයයි. ඔවුන් වසර ගණනාවක් වමේ අරගලය වෙනුවෙන් පෙනී සිටියේය. JVP මෙරට සැබෑ වම නියෝජනය කල විශාලම දේශපාලන ව්‍යාපාරය විය. නමුත් ඡන්දයෙන් ඡන්දයට, ජනතාව හමුවේ JVP්‍ය ප්‍රතික්ෂේප වනු අපි දැක ඇත්තේමු. ඒ නිසාමදෝ මෙවර රතු පාට අතහැර, සීනුව අතහැර, පන්ති අරගලය ගැන, සමාජ විෂමතාවය ගැන කතා නොකර කොළඹාසන්න මධ්‍යම පාන්තික ප්‍රජාවකගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සමග JVPය NPP ලෙස ජනතාව හමුහට පැමිණ ඇත. JVP යේ අපේක්ෂක අනුර කුමාර මහතා ද, නායකයා වීමට පෙර සිටි අනුර කුමාර ම යැයි නොකියමු. ඔහුට 28, Sydney Avenue, Blackrock, Dublin 6, Ireland හි නිවසක් ඇති බවට චෝදනා නැගුන විට ඔහු පැවසුවේ Facebook මඩ වලට ප්‍රතිචාර නොදෙන බවයි. ඒ නිසාම ඔහු ගැනද යම් විවේචනය සහ අවබෝධයක සිටිමින් අපි, NPP හි ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබද මෙලෙස අපගේ අදහස් දක්වන්නෙමු. අනුර කුමාර, අයර්ලන්තයේ නිවස පිළිබද චෝදනා | (English) හොඳ අධ්‍යාපනයට අයවැයෙන් 6% වෙන් කිරීම (පිටුව 6)- ඇමති වරුන්ට සැප පහසුවේ කඳු නගින්න සුඛෝපභෝගී රථ වාහන, ජනාධිපතිට

සජිත්ගේ දැක්ම

සජිත් ප්‍රේමදාස තරම් මෙරට ජනතාව මුලා කල දේශපාලඥයෙක් මෙරට නොමැති බව අපේ මතයයි. ගෙවී ගිය සෙරෙප්පු පැලද, ඒදණ්ඩෙන් එගොඩ වී ජනතා සේවයට එන "දුප්පතාගේ මිනිසා" ජනාධිපතිවරයෙකුගේ පුතෙකි. දුප්පතාට අදාල වන නීතිය මේ ජනාධිපති පුතාටවත්, පුතාගේ නැගෙණියටවත් අදාළ නොවන බව අපි මීට පෙර දුටුවෙමු. කැමරාව පිටුපස සජිත් දුප්පතාට සලකන අයුරුද අපි දුටුවෙමු. එය පාඨක ඔබටද අමතක නොමැති බව අපි විශ්වාස කරමු. නමුත් මෙවර ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඔහු ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද අපේ අදහස් මෙලෙස දැකිවිය යුතු බව අපි විශ්වාස කරමු. Dulanjalee Premadase, dud money | (English) උස නම් සෙකුරිටි| (සිංහල) හොඳ ජාත්‍යන්තර ප්‍රමිතියට පොලීසිය පුහුණු කිරීම. (පිටුව 7)- මෙරට පොලීසිය පිළිබද තිබෙන දුර්වල ආකල්පයට ප්‍රධාන හේකුවක් වනුයේ බහුතරයක් පොලිස් නිලධාරීන් නිවැරදි පුහුණුවකින් තොරව, තමන්ට සිතෙන දේ කිරීමයි. ඒමෙන්ම body cam වැනි උපාංග යොදාගෙන හෝ අල්ලස් ගැනීම්, අනිසි ලෙස බලය යෙදීම වැනි ගැටළු වලට පිළියම් සෙවීමට ඔවුන් අපොහොසත් වීමයි. ඒබැවින් මෙරට පොලිස් සේවය සම්පූර්ණ ප්‍රතිව්‍යූහගත කිරීමට

ජනාධිපතිවරයා තේරීම

Image
2019 ජනාධිපතිවරණයේ උණුසුම වැඩිවෙමින් පවතියි. සමහරු මේ වන විටත් චන්දය ලබා දෙන අපේක්ශකයා  තීරණය කර ඇත. නමුත් චන්දදායකයින් අතරින් මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති අපේක්ශකයන් ගණන දන්නේ කීයෙන් කී දෙනාද? බොහෝ දෙනාට එය අදාලම නැත. බොහෝ විට ප්‍රධාන අපේක්ශකයන් දෙදෙනා පමණක් ඉලක්ක කරගනිමින් ජනාධිපතිවරණය සඳහා ජනතාව චන්දය ප්‍රකාශ කරති. සැබැවින්ම කල යුත්තේ එයද? අපි අපේක්ශකයන් සියල්ල පිලිබඳව සලකා බැලිය යුතු නොවේද? අපේක්ශකයන් අතරේ චන්ද කැඩීම පිණිස ඉදිරිපත් වන අපේක්ශකයනද නැතුවා නොවේ. නමුත් අපි සියල්ලන්ගේම ප්‍රතිපත්ති ප්‍රකාශ අධ්‍යනය කිරීමෙන් හා පුද්ගලයා පිලිබඳව අධ්‍යනය කිරීමක් නොකර ප්‍රධාන පක්ෂ දෙක හා විකල්ප කිහිපයක් ගැන පමණක් අවධානය යොමු කිරීම සුදුසුම පුද්ගලයා තේරීමට හැකිද? කුඩාම හොරා තේරීම. රටේ දැන් තත්ත්වය ගැන සිතා බලමු. ජනාධිපතිවරණය, කුඩාම හොරු කණ්ඩායම වට කරගත් අපෙක්ෂකයා හෝ කුඩාම හොරා තේරීමේ තරඟයක් බවට හැරී ඇත. අපේක්ශකයෙකුගේ වැරැද්දක් / අඩුපාඩුවක් කිසිවෙකු පෙන්වූ විට එම අපේක්ශකයගේ වහලුන් විසින් කරන්නේ අනෙත් ප්‍රධාන අපේක්ශකයාගේ වැරැද්දක් එතනට ඇද දමා ඊට වඩා මෙයා හොඳයි යනුවෙන්

ගෝටගෙ විෂන්

ගාේටා සිය ප්‍රකාශන ප්‍රතිපත්තිය මෑත දිනකදී ඒලි දැක්වීය. මෙම ලිපිය තුලින් ඔහුගේ දැක්ම පිළිබඳ අපගේ අදහස මෙලෙස දක්වමු. මෙහිදී අප කිව යුත්තේ ගෝටා සිය අයියා බලයේ සිටින සමයේ කල තගරි අපට අමතක නොවන බවයි. ඒමෙනම ඔහුගේ තගරිකම් නිසාම, ඔහු රටක් පාලනය කිරීමට ගැලපෙන පුද්ගලයෙක් නොවන්නේ යැයි අපි විශ්වාස කරමු. කෙසේ වුවත් අධිකරණය ඉදිරියේ ඔහු තවමත් නිර්දෝෂී නිසා, අකමැත්තෙන් වුවද මෙම අපරාද කරුවාගේ "රට හදන සෞභාග්‍යෙයේ දැක්ම" අපි මෙලෙස ඉදිරිපත් කරන්නෙමු. වැල් වටාරම් සහ සීනි බෝල කතා ඉවත් කළ විට ගෝටාගේ දැක්මේ හරය හොඳ සහ නරක ලෙස කොටස් දෙකකට වෙන්  කොට අපි සාකච්චා කරමු. හොඳ දෙවන පෙළ රාජ්‍ය නිලධාරීන් ට අවශ්‍ය කළමණාකරන පුහුණු වීම් ලබා දීම.(පිටුව 6)   United Nations හි තිරසර සංවර්ධන ඉලක්ක සඳහා ළඟා වීමට අමාත්‍යංශ ව්‍යුහ සංශෝදනය කිරීම (පිටුව 7) - පරිසර අමාත්‍යංශයට ස්වාධීන තීරණ ගැනීමේ බලතල ලබා දීම විශේෂ බව අපි විශ්වාස කරමු. රාජ්‍ය අායථන වල සභාපතිවරුන් ඒ අායථන වල ලාභ සම්බන්ධව වගකියන අයුරින් නීති සැකසීම (පිටුව 8)- අප රටෙහි තිබෙන අයවැය පරතරය අඩු කිරීමට නම් රාජ්‍ය ආදායම ඉ

වහල්භාවය

ජනාධිපතිවරණයක් පැවත්වීම ප්‍රකාශයට පත් කර ඇති කාලසීමවක වසර 70ක පමණ සිට පුරුදු පරිදි මිනිසුන් දෙපසකට වී ඇනකොටා ගනිමින් පවතී. ඊට අමතරව තවත් පිරිසක් විකල්ප ඔස්සේ විසඳුම් සොයති. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහරයේදී සිංහල දෙමල හා මුස්ලිම් බහුතරයක් දෙනා දේශපාලනය ගැන කලකිරී නව දේශපාලන පරපුරක් බිහි කිරීමට සිතමින් පසුවිය. පක්ශ විපක්ශ සියල්ලන් පාහේ ප්‍රහරය ගැන දැනුවත් වී තිබුනි. විපක්ශ නායක වරයා පවා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ එතුමාගේ ආරක්ෂකයන් හට ඒ පිලිබඳව දැනුවත් කිරීමක් ලැබී තිබූ බවයි. රජය ගැන් පවසිය යුත් නැත. රාජ්‍ය ආරක්ශව දෙවනිකොට සලකා තිබූ බව ඉන්දීය බුද්ධි අංශවල දැනුවත් කිරීම් පවා නොසලකා හැරීමෙන් තේරුම් ගත් හැක.  නමුත් දේශපාලනය වෙනස් කිරීමට සිටි ජනතාව මේ දිනවල කරන්නෙ කුමක්ද?  දේශපාලනඥයින් විසින් ජනතාව යලිත් පෙර තිබූ තත්වයට සූක්ෂමව රැගෙනවිත් ඇත. එයට ජනතාවද වගකිවයුතු නොවේද? උගත් බුද්ධිමත් ජනතාව ලෙස දේශපාලන රැස්වීම් වලදී දේශපාලනඥයින් ආමන්ත්‍රණය කලද ජනතාව  උගත් කෙසේ වෙතත් බුද්ධිමත්ද? විශාල පිරිසක් ප්‍රධාන අපේක්ශකයන් දෙදෙනකුගේ වහලුන් මෙන් හැසිරෙති. තමා දරන දේශපාලන මතය නිවැරැදිම මතය බවත් අනිත්