අප්‍රිකාවේ රට කරවීම

   මේ දවස් වල අප්‍රිකාව ගැන ප්‍රවෘත්ති වල ගිය නිසාම මම අද අප්‍රිකාවේ රට කරවන හැටි ගැන ලියන්න හිතුවා. රොබට් මුගාබේ සිම්බාබ්වේ ජනාධිපති හැටියට පත් වෙන කොට සිරියාවේ රසායනික බෝම්බයක් පුපරලා ගිහින්. මේ අතරෙ ඊජීප්තුවේ ගැටුම සමනයකට ඇවිල්ල වගේ එකක් වෙන්නෙ මුස්ලිම් සහොදරත්වයේ නායකයාව අල්ල ගත්තට පස්සෙ. සිරියාවෙ රජයයි කැරලිකරුවොයි රසායනික බෝම්බයේ වගකීම ගැන බෝල මාරු කර ගනිද්දී ඊජිප්තුවට උදවු කරනවා වෙනුවට ඇමරිකාව ඊජිප්තුවට අනතුරු අඟවනවා. මම දකින හැටියට මේ ආරවුල් වල පැති 2 ක් 3ක් අපිට දකින්න පුළුවන්.
  
   1. කැරලිකරුවන්-
   මගේ මතයට අනුව නම් කැරලිකරුවන්ට ගොඩාක් අවස්ථාවලදී ඕනෙ වෙලා තියෙන්නෙ රජය පෙරලන්න. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ නව රැකියා අවස්ථා, නව පාලකයෙක්, නව ආර්ථික පෙළඹවීම්. මේ වගේ අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න ඇතැම් සංවිධාන වගේම, ජනතාවගේ දුක හදුනන සංවිධානත් ජනතාව උසි ගන්වනවා. එවිට තමයි ආණ්ඩු පෙරලන්න රටේ සාමාන්‍ය වැසියා පෙළඹෙන්නෙ.
   
   2. අළුතින් පත් වන ආණ්ඩු (ඊජිප්තු ආණ්ඩුව වැනි ආණ්ඩු)
        ඊජිප්තුවේ අළුත්ම රජය වගේ අළුතින් පත් වෙලා එන ආණ්ඩු හිතන්නෙ පෙර තිබුණු රජයන්ට වඩා  ඔවුන්ගේ රජය රටේ දියුණුව වෙනුවෙන් කටයුතු කරනව කියල. හැබැයි ඉතින් සමහරක් මිනිස්සු (කලින් රජයේ පක්ෂපාතී අය වගේ අය)  උද්ඝෝෂණ කරන්න පටන් ගන්නවා. එතකොට රජය හමුදා බලය කැරලිකරුවන්ට පාවිච්චි කරනව. මේ වැඩය එක අතකින් වැරදියි. ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිස්සුන්ට තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන් නිසා උද්ඝෝෂණ යෑමේ වරදක් නැහැ. ඒ නිසා රජය වෙඩි තැබීම වැරදියි.  

   3. UN, ඇමරිකාව සහ යුරෝපය-
         ඔවුන් දකින විදිහට ජනතාව උද්ඝෝෂණ කරන කොට රජයක් ඉල්ලා අස් වෙන්න ඕනෙ. පස්සෙ කැරලිකාරයො වැරදි වැඩ කරන කොට මේ රටවල් අනිත් පැත්තට හෙමිහිට මාරු වෙනවා. මොකද අස්ථාවර රටක සම්පත් උදුරා ගන්න එක ලෙහෙසියි නෙ.


  හොඳයි එහෙනම් මම දැනට නවතිමි.                                                                                                                                                                                                                                                                              














Comments

Popular posts from this blog

කළු ඉරිදාවට සහය දීම

ලොකු කල්ලියේ කතාව

Port City