ඇමරිකාවේ මීළඟ කුරුමාණම

    මම ළඟදි අහපු news එකක් ගැන ලියන්න තීරණය කළා. මම දැකපු news එක තමයි ඇමරිකාව සිරියාවට පහර දෙනවයි කියල තිබුණු එක. සිද්ධිය මෙහෙමයි.

   ළඟදි සිරියාවේ අගනුවරදී රසායනික බෝම්බයක් පුපුරලා ගියා. මේ පිපිරීමෙන් 1400 විතර මැරිල කියලයි කියන්නෙ. ඉතින් මේ සම්බන්ධව සිරියානු රජයට දඬුවම් දෙන්න ඇමරිකාව තීරණය කරලා. මේ තීරණය ගත්ත ඔබාමා, ජාත්‍යන්තර සහාය ලැබෙන තුර එය කල් දැමීමට තීරණය කර තිබෙනවා.
   මේ සම්බන්ධව කොන්ග්‍රසයෙන් විමසන බව ඔහු පවසා තිබෙනවා. ඒ වගේම කොන්ග්‍රසයේ අවසරය නැතුවත් තමාට සිරියාවට පහර දිය හැකි බව ඔබාමා පවසා තිබෙනවා. (හදිසියෙවත් කොන්ග්‍රසයේ අවසරය නොලැබුණොත් කියල ඔබාමා මේක කියන්න ඇති.)
   හැමදාමත් ඇමරිකාව කියන ඕනෑම දෙයක් කරන ප්‍රංශය මේ තීරණයට සහයෝගය දීලත් ඉවරයි.


   හැබැයි රුසියාව මේකට විරුද්ධ වෙලා (සුපුරුදු පරිදි). ඒ වගේ තමාට එල්ල වන ප්‍රහාරයන්ට සිරියාව සූදානම් බව රජය පවසලාත් තියෙනවා. ඉරානයත් ඇමරිකාවට අනතුරු ඇඟවීමට පසුබට වුණේ නැහැ. ඒ වගේම ලෝකයා නොසිතූ ආකාරයට ඇරිකාවෙත්, බ්‍රිතාන්‍යෙයත්, ඕස්ට්‍රේලියාවේත් මේ තීරණයට විරුද්ධව උද්ඝෝෂණ පටන් අරන් ඉවරයි.
   ඉතින් මේ අමුතු කතාවේ ඉතුරු ටික සිදුවෙනකම් අපි බලා හිඳිමු.?
     

Comments

  1. 3 වෙනි ලෝක යුද්ඩය පටන් ගනීදෝ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කළු ඉරිදාවට සහය දීම

ලොකු කල්ලියේ කතාව

Port City