නෙල්සන් මැන්ඩෙලා

“No one is born hating another person because of the color of his skin, or his background, or his religion. People must learn to hate, and if they can learn to hate, they can be taught to love, for love comes more naturally to the human heart than its opposite.”
                                                                           -Nelson Mandela                                
 "  මේ ලොව කිසිවෙකු අනෙකාගේ සමෙහි පැහැයට, ආගමට, සංස්කෘතියට වෛර කරමින් නූපදිති. කෙනෙකු වෛර කිරීමට ඉගෙන ගත යුතුවා සේම, ඔවුන්ට වෛර කිරීමට ඉගෙන ගත හැකි නම්, ඔවුන්ට ආදරය කිරීමට ඉගැන්විය හැකිය. මක් නිසාද යත් වෛර කිරීමට වඩා ආදරය කිරීම මිනිසාගේ හදවතට ස්වභාවික වීමයි."  

        ලොව අතිවිශිෂ්ට නායකයෙකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ කියමනකි ඒ. 1918 ජූලි 18 වෙනිදා ඔහු උපන්නේ වර්ණ බේදවාදය තදින්ම පැවති දකුණු අප්‍රිකාවේය. එතුමා කුඩා කල සිටම තම ජනතාව ඔවුන්ගේ සමේ පැහැය, නම ආදිය නිසා විදින දුක් කරදර දුටුවේය. දකුණු අප්‍රිකාවෙන් වර්ණවාදය තුරන් කිරීමට සිය ඥාතීන්, ස්වකීය සැප විහරණය, නිදහස අතහැර දැමීමට ඔහු යොමු වූයේ ඒ නිසා විය හැකිය.
        විට්වෝටර්ස්රෑන්ඩ් විශ්වවිද්‍යාලයයේ නීතිය හදාරන සමයේ හෙතෙම වර්ණභේදවාදයට විරුද්ධ ක්‍රියාකාරකම් වල නිරත වූ අතර 1944 අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට එක් විය. 1948 දී අප්‍රිකානු ජාතික පක්ෂය බලයට බත් වීමත් සමඟ රට පුරා වර්ණභේදවාදය උග්‍ර විය. කණ්ඩායම් ප්‍රදේශ පනත, බන්ටු මාතෘභූමි පුරවැසි පනත, බෙදා වෙන් කරන නීතිය, බලපත්‍ර නීතිය වැනි නීතීන් නිසා රට පුරා සාමකාමී උද්ඝෝෂණ ඇරඹීමට මැන්ඩෙලා ප්‍රමුඛ ජාතික කොන්ග්‍රසය කටයුතු කළහ.
        නමුත් මේ කිසියකට සවන් දෙනවා වෙනුවට එවකට පැවති ආණ්ඩුව උද්ඝෝෂකයින්ට වෙඩි තැබූහ. තම හඬට ආණ්ඩුව සවන් නොදෙන බව වටහා ගත් මැන්ඩෙලා කොන්ග්‍රසයේ හමුදාමය අංශය වූ පෑන් ආසියානු කොන්ග්‍රසයට සම්බන්ධව වැඩ කළ අතර එහිදී කඩාකප්පල්කාරි ප්‍රහාර දියත් කිරීමට ඔහු නායකත්වය ලබා දුන්නේය.
       1962 අගෝස්තු 5 වෙනිදා ඔහු අත්තඩංගුවට ගෙන ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලාබූයේ තම ජනතාව වෙනුවෙන් හඬක් නැගූ නිසාය. කෙසේවෙතත් 1990 වසරේදී හෙතෙම නිදහස ලැබීය. එවකට පැවති ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා කළු ජනතාව හෙවෙත් දකුණු අප්‍රිකාවේ බහුතරය කෝප වී සිටියහ. මෙවන් තත්ත්වයක් තුළ 1994 පැවති දකුණු අප්‍රිකාවේ ජනාධිපති ලෙස නෙල්සන් මැන්ඩෙලා මහතා පත් විය.
       තමාට හා තම වර්ගයාට කෙතරම් වද හිංසා පැමිනෙවූවත් සුදු ජාතිකයින්ට අප්‍රිකාවේ නිදහස ජීවත් වීමට මැන්ඩෙලා මහතා ඉඩ හසර ලබා දුන්නේය. සිය ධූර කාලය අවසන් වූ වහාම පරමාදර්ශී නායකයෙකු ලෙස 2000 වසරේදී ධූරයෙන් නික්මී ගියේය.
      එම ලොක නායකයා පසු ගිය බ්‍රහස්පතින්දා එනම් දෙසැම්බර් 5 වෙනිදා අප අතරින් නික්ම ගියේ එහුගේ නම සදා අමරණීය කරමිනි. මෙවැනි නායකයෝ ලොව පහල වනයේ ඉතාමත් කලාතුරකිනි. එනමුදු එවන් නායකයින් අතරින් ඉටු වන සේවය සදා අමරණීය වී අප සිත් තුළ සදා පවතිනු ඇත.

       "වර්ණවාදය නැමති අන්ධකාරය,
         ලොව වෙලා ගන්නා විට,
         පහන් සිළුවක් වූ ඔබ 
         මේ ලෝකය එළිය කළේය.
         සොඳුරු මිනිසාණනි,
         ඔබ අප්‍රිකානුවන්ට පියෙක්ද,
         කල්ලන් වන අපට පරමාදර්ශී මිනිසෙක්ද වන්නේය.
         අප වෙනුවෙන් ඔබ කළ සේවය අපට සදා 
         අමරණීය වනු ඇත."
"

Comments

Popular posts from this blog

කළු ඉරිදාවට සහය දීම

ලොකු කල්ලියේ කතාව

Port City