අයවැය

   මැදවච්චිය, හෝමාගම, අලව්ව, හිඟුරන්කෙත ආදී ආණ්ඩුවේ බලය තිබූ ප්‍රාදේශීය සභාවල අයවැය එක දිගට පැරදීගෙන ගියේ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවේ සාමාජිකයින් රත් කරවමිනි. ඒ සමඟම ශ්‍රීලනිපයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ අයවැය පරදින ප්‍රාදේශීය බල ප්‍රෙද්ශවල සංවිධායකයින් එයට වගකිව යුතු බවත් ඔවුන්ට එරෙහි දැඩි තීරණ ගන්නා බවත්ය.
   නමුත් ඒ බව ප්‍රකාශ කිරීමෙන් වැඩි දවසක් යෑමට පෙර සිරිසේන මැතිතුමාගේ රාජ්‍ය වුණු පොලොන්නරුවේ ලංකාපුර ප්‍රදේශීය සභාවේ අයවැය පැරදුනේ එතුමාට කොකා පෙන්වමිනි. ඒ නිසාම සංවිධායකවරුන්ට එරෙහි දැඩි තීරණ ගැනීමද නැවතුණි. ඒ වාගේම අයවැය පරදවන මන්ත්‍රී වරුන්ට එරෙහි විනය පරීක්ෂණ කටයුතු අත්හිටුවීමට කටයුතු කෙරුනේ ඉතාමත් ඉක්මනිණි. බැරිවෙලාවත් ඔවුන්ට එරෙහි විනය පරීක්ෂණ පැවැත්වුවහොත් එම මන්ත්‍රීවරු කටුස්සකු මෙන් පාට මාරු කරන බව රජය දැන සිටීමද විනය පරීක්ෂණ නොපැවැත්වීමට හේතුවකි.   
    මේ වනවිට සන්ධාන රජයේ බහුතරය විපක්ෂයෙන් පැමිණි අය නිසාද පාට මාරු කිරීමේ අවධානම වැඩි වී තිබෙයි. මෙම අවධානම නිසා සන්ධානය දැන් පත්ව ඇත්තේ ‘උණු හින්ද බොන්නත් බෑ කිරි හිනදා අහක දාන්නත් බෑ' වැනි තත්ත්වයකය. මෙවන් පසුබිමක් හමුවේ 2014 වර්ෂය මැතිවරණ වර්ෂයක් වීම එක් අතකින් රජයට තවත් අවාසියකි.
     පුදුමයට කාරණය වනුයේ පලමුවර අයවැය පාරජයට පත් වීමෙන් පසු මන්ත්‍රීවරුන්ගෙන් ලැබුණු යොජනා සියල්ල සභාපති පිලිගැනීමෙන් අනතුරුව ඉදිරිපත් කළ අයවැය ද පරාජය වීමයි. අනෙකුත් පුදුමය වනුයේ සාධාරණ වූ (ඇතැම් විට) ප්‍රාදේශීය සභා අයවැය පරාජය වෙද්දී බල්ලට ගිය ජාතික අයවැය සම්මත වීමයි.
     රටේ දේශපාලනය කෙතරම් කුහක එකක්දැයි අපට සිහි වන්නේ මේ වෙලාවටය.

Comments

Popular posts from this blog

කළු ඉරිදාවට සහය දීම

ලොකු කල්ලියේ කතාව

Port City