පළාත් සභාව හා නළු නිළියෝ

    ධීවරයින්ට මාළු බෑම සඳහා උදැලු ලබා දෙන රටක් බවට ශ්‍රී ලංකාව පත් වී ඇත. එසේ උදලු ලබා දුන්නේ ලංකාවේ ප්‍රසිද්ධ නිළියක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි. ( ඇගේ නම සඳහන් නොකිරීම වඩාත් සුදුසුයි යැයි මම සිතමි.) එවන් සෝචනීය තත්ත්වයකට ශ්‍රී ලංකාවේ දේශපාලනය ඇද දමන්නට මෙම නළු නිළියෝ සමත් වී ඇත.
   මෙසේ කුජීත වන නළු නිළියන්ගෙන් පාඩමක් ඉගෙන නොගන්නා තවත් නළු නිළි පිරිසත් මෙවර බස්නාහිර හා දකුණු පලාත් සභාවට ඡන්දය ඉල්ලති. දේශපාලනය ගැන තියා ධීවරයා මාළු අලල්න්නේ උදැල්ලෙන් නොව මාළු දැලින් යන්නවත් නොදන්නා පිරිසක් රටක් පළාතක් පාලනය කරන විට අපට අත් වන ඉරණම ගැන අමුතුවෙන් කිව යුතු නොවෙයි.
    මෙවර ජිනීවා නුවරට ගෙන එන මානව හිමිකම් යෝජනාව ඉදිරියේ රජයට සිය ශක්තිය පෙන්විය හැක්කේ මෙවර පළාත් සභා දෙක ජයග්‍රහණය කරමිනි. ඒ නිසා කෙක්කෙන් බැරිනම් කොක්කෙන් මෙය ජය ගැනීමට රජයට උවමනා බව පැහැදිලිය. කොටින්ම කිවහොත් වත්මන් රජයේ අනාගතය තීරණය වනුයේ මෙම පළාත් සභා දෙක මතය.
    එවන් අවස්ථාවකදී කෙලෙස හෝ ජය ගැනීමට ඕනෑම පක්ෂයක් ඕනෑම ආණ්ඩුවක් කටයුතු කරනු ඇත. එහෙත් ඒ මුවාවෙන් දේශපාලනයේ මූල ධර්මයන් සිරිත් පවා දිය යුතු නැත. එය ආන්ඩුවට පමණක් නොව විපක්ෂයටද පොදු කරුණකි.
    මින් පසුවටවත් මෙවන් අභාග්‍යයක් රටේ දේශපාලනයට අත් නොවේවා
යැයි අපි ප්‍රාර්ථනා කරමු.

 

Comments

Popular posts from this blog

2022 අයවැය #75

Port City

2020 General Election results and what it means for the country