වෙනස 2

මම මගේ පළමු වෙනසක් නම් ලිපියෙන් අපට වෙනසක් අවශ්‍ය මන්ද යන්න අවසන් කිරීමට සිතා සිටියෙමි. කෙසේ වුණත් ඒ ලිපිය පළවූ පසු වාර්ථා වූ සිදුවීම් දෙස බැලූ කළ යමක් නොලියා සිටිමට මට පුළුවන් කමක් නැහැ. මේ සිදුවීම් නිසාම අද වන විට දේශපාලන ලෝකය ගිනියම් වී තිබෙනවා. ඒ නිසාම මම මේ ගැන සටහනක් තබන්නම්. හොඳයි....
මේ සිදුවීම වාර්ථා වුනේ පුසිගිය දිනක වඳුරඹ දී. මේක මුළු රටම දන්න දෙයක්. මේ වේදිකාවට ගිනි තිබ්බේ නිශාන්ත ඇමතිතුමාගේ සේවකයෝ කියල ඔවුන්ව අත්තඩංගුවට ගත්ත. නමුත් මේකෙ විහිළුව වෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය මහ ඉළින් සුරකිනවා කියන ආණ්ඩුවේම සුළු වාවිලි බෝග ඇමති කියනව මේ වගේ මැර ක්‍රියා සාමාන්‍යයයි. ඒ නිසා සිරිසේන ඇමතිතුමා දැනගන්න ඕනෙ තමන්ගෙ පාක්ෂිකයෝ මෙතන ආරක්ෂාවට දාන්න කියල. දිව දෙකේ කතාවක්. ප්‍රජාතන්ත්‍රවාදී රටේ වේදිකාවක් වත් නිදහසේ ඉතුරු වෙන්නෙ නැහැ. මේ සිදුවීම මෙතනින් නැවතුනානම් කමක් නැහැ. හැබැයි මේ ඇමතිතුමා තව තව ප්‍රසිද්ධ තැන් වල ගිහිල්ල පොලීසිය ඉතා දරුණු ලෙස විවේචනය කරනව. මේක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ ඝාතනය කිරීමක්(එහෙම එකක් ඉතුරු වෙලා තියෙනවානම්.) එතනිනුත් නවතින්නේ නැතුව අත්තඩංගුවට ගත්ත තම පාක්ෂිකයෝ නැවත පැහැර ගෙන යන්නට තරම් බලයක් මේ ඇමතිතුමාට ලැබෙනවා. ඓ් හේතු මුල් කරගෙන වඳුරඹ පොලිස් ස්ථානාධීපති ඩල්ලා අස් වෙන්න හදනකොට මාධ්‍ය ප්‍රකාශක කියනවා එහෙම ඉල්ලා අස් වෙන්න බැහැ. අපි නඩු දානව කියල. බලාගෙන යනකොට ඉතින් අපට සිහි වෙන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන කියමන තමයි. ඉතින් මේ රටේ ජනතාවම ඔය මිනිස්සුන්වත් රටේ උත්තරීතර පාර්ලිමේන්තුවට යවනවනේ.
ඊට පස්සේ සිරිසේන මැතිතුමාගේ කොලොන්නාව වේදිකාවට වෙඩි තියනවා. ඒ වගේම අද දවසේ පොදු අපේක්ෂකතමාගේ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට ආපු දෙහිවල තරුණ මන්ත්‍රීවරයෙක් කරපු දේ ඔබත් දකින්න ඇති. මේ රටේ මහසෙන් රජතුමා ළඟට දෙවියො කියල කියන්න පුළුවන් වුණු මහින්ද රාජපක්ෂ මැතිතුමා අද කොතරම් පහත් තත්වයකට වැටිල තියෙනවද කියල ඔබටම පේනවනෙ. ඉතින් ඡන්දය ඔබේ. ඔබේ ජන්දය හිතල මතල පාවිච්චි කරන්න. එකෙන් කාටවත් හානියක් වෙන්නෙ නැහැනෙ නේ.!!  


අපේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.

Comments

Popular posts from this blog

2022 අයවැය #75

Port City

2020 General Election results and what it means for the country