ජනාධිපතිවරණය 2015

මේ දිනවල මුළු ශ්‍රී ලංකාවම වෙනදාමෙන් නව වසර උදාවට සැරසෙනවා වෙනුවට අපේ අනාගතය තීරණය කරන අතිශය තීරණාත්මක ජනාධිපතිවරණයකට සැරසෙති. මුළු රටටම ඡන්දයේ උණුසුම දැනෙන්නට පටන්ගෙන ඇත. විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් වීමත් සමඟ ආණ්ඩුව නොසිතූ ලෙස ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුවිපක්ෂයට එක් වීමට පටන් ගෙන ඇත. ඒ සමඟම විපක්ෂයේ ඇතැමුන්ද ආණ්ඩුවට එක් වී ඇත.
   සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා වීමට පෙර අයවැය දිනවලදී මම මගේ මිතුරෙක් සමඟ පැවසුවේ  "මේ ආණ්ඩුවේ වැඩ කරන ඇමති කෙනෙකුට ඉන්නෙ සිරිසේන ඇමතිතුමා විතරයි" කියාය. එදිනට දින 2කට පසු එතුමා විපක්ෂයට ගියේය. ඒ මන්ත්‍රීවරු 5ක්ද සමඟය. දැනට එතුමාට පලාත් සභාවලින් හා පාර්ලිමේන්තුවෙන් මැති ඇමතිවරු 13ක් එක්ව සිටිති. එමෙන්ම රජය විසින් බලාපොරොත්තු නොවූ ආකාරයේ ජනතා කැමැත්තක් එතුමාට ලැබී ඇත. ආණ්ඩුව රජයේ දේපල අයථා ලෙස පරිහරනය කරමින් සිටින විටදී සිරිසේන මැතිතුමා ගෙන යන පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයද මෙයට එක් හේතුවක් විය යුතුය. විපක්ෂයේ පිරිස් පවසන ආකාරයට රටට දැන් වෙනසක් අවශ්‍යව තිබෙයි. එම වෙනස ලබා ගැනීමට නම් මෛත්‍රී පාලනයක් ඇතිකළ යුතු බව ඔවුන් පවසති. අද වනවිට විධායක ජනාධිපත්වරයාට ලැබී ඇති අනවශ්‍ය ඒකාධිකාරීත්වය නැති කරලීම ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය වී හමාරය.
   ජනාධිපතිවරනයේදී බස්රථ 52 කින් රට පුරා ජනතාව අනුරාධපුරයට පුවාහනය කරමින් ආණ්ඩුව රාජ්‍ය දේපල අයථා ලෙස පරිහරණය කර ඇත. ඊයේ දිනයේ මම ජාතික රූපවාහිනියේ 1/8 වැඩසටහන නැරඹීමි. මෙතරම් පහත් ආකාරයට රාජ්‍ය මාධ්‍ය යොදා ගැනීම කනගාටුදායක තත්වයකි. එහිදී මෙතරම් කල් අවරස සහිත හෝටලයක් ලෙස ආණ්ඩුව විසින් හැදීන්වූ පරාක්‍රම සමූද්‍රය අසල පිහිටි -යම් හෝටලයක්- අනවසර ඉදි කරීමක් ලෙස හැඳින්වීමට තරම් පහත් තත්වයකට රූපවාහිනිය පත්ව ඇත. මේ කරුණු සියල්ල දෙස අප සැලකිල්නේ බැලිය යුතුය. රට සංවර්ධනය කිරීමට අවශ්‍ය නම් ඒ පුද්ගලයාටද වෙනසක් අවශ්‍ය න්ම් ඒ පුද්ගලයාටද ඔබේ වටිනා ඡන්දය භාවිත කළ යුතුය.

Comments

Popular posts from this blog

2022 අයවැය #75

2020 General Election results and what it means for the country

Port City