රට කරවන තැන

ඉංග්‍රීසීන් අපට ලබා දුන්න හොඳ නරක අතර ප්‍රජාතන්ත්‍රවාදයට හිමි වන්නෙ ඉහළම ස්ථානය. අපේ රට හඳන්නත් අපේ රට විනාශ කරන්නත් මේ ප්‍රජාතන්ත්‍රවාදය උපකාරී වුණා. 1910 දි කෘව් මැකලම් ආණ්ඩුක්‍රමයෙන් අපේ රටට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් හඳුන්වාදෙන මුල්ම පියවර හැටියට සීමිත ඡන්ද බලය රටට ලබා දුන්නා. මේ සමඟම ආණ්ඩුක්‍රමය තළ තිබ්බ වැදගත්ලක්ෂණයක් තමයි ඡන්ද බලයෙන් තෝරා ගත් උගත් ලාංකිකයාගේ ආසනය. ඉංග්‍රීසීන් මෙහෙම පියවරක් ගන්නේ අපේ රටේ ජනතාවට ඒගොල්ලන්ගේ ඡන්දයේ වටිනාකම හඳුන්වාදෙන්න. අපේ රටේ මිනිස්සුන්ට ඡන්ද බලය ලබා දෙන්නෙ මේ කියන උගත් ලාංකිකයො පාර්ලිමෙන්තු යවන්න ජනතාව පෙළඹෙයි කියන හැඟීමන්.

තව දින 4 කින් මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු තෝරන ඡන්දය තියෙනවා. ඉතින් ඡන්දය දාන්න කලින් මේ රටේ පරමාධිපත්‍ය තියන ජනතාව හැටියට හැමෝම හිතල බලන්න අපි මේ ඡන්දය දෙන්නෙ උගත් ලාංකිකයෙක්ටද කියල.

ලී ක්වාන්- යූ එතුමාගේ ඡන්ද ව්‍යපාරයේදී කිව්වේ මම සිංගප්පූරුව කවදා හරි ලංකාවක් කරනවා කියල. හැබැයි සිංගප්පූරුව සංවර්ධනයේ ඉහළටම ළඟා වුණහම එතුමා කිව්වේ දැන්නම් මම ලංකාව දිහා බලන්නවත් කැමති නැහැ කියල. සිංගප්පූරුව වගේ කාලෙකට කලින් අපට පසු පසින් ඉදපු රටවල් අද වෙනවිට අපට හිතා ගන්නත් බැරි තරම් සංවර්ධනයක් ලබාගෙන තියෙනවා. මෙකට හේතුව වුණේ අනිත් රටවල දේශපාලඥයෝ තමන්ගේ රට ගැන හිතන කොට අපේ දේශපාලඥයො “තනිකර කෙළින්නෙ පිස්සුවීමයි.

ඒනිසා තව දින 4 කින් ඡන්දය දාන කොට හිතන්න ඕනෙ පක්ෂයක් ගැන නෙවෙයි, රට ගැන. රටට වැඩ කරන්න පුළුවන්, වැඩ කරල තියෙන, හොරකම් නොකරන, සල්ලි වලට ගෙම්බන් නොවෙන අපේක්ෂකයෙක්ට ඡන්දය දෙන්න. නැවත මෙවන් අවස්ථාවක් ඔබට ලැබෙන්නෙ තව වසර 5 කින්. ඒ අවුරුදු 5 දුක් වෙනවට මේ අවුරුද්දේම නිවැරදි තීරණය ගන්න එක හොඳයි. ඒ නිසා මේ අවුරුද්දේදීවත් තමන්ගේ පක්ෂ ගැන නොහිතා රට ගැන හිතල නිවැරදි පුද්ගලයාට කතිරය ගහන්න.


ඒ කතිරයෙන් රට කරවන තැනට උගත් ලාංකිකයෝ 225 යවන්න.  

Comments

Popular posts from this blog

කළු ඉරිදාවට සහය දීම

ලොකු කල්ලියේ කතාව

Port City