ජාතික ජන බලවේගය සහ 2019 ජනාධිපතිවරණය


  JVPය මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සුපුරුදු සීනුව වෙනුවට මාලිමාව ලකුණෙනි. එමෙන්ම සමාජ විෂමතාවයන් ගැනල පන්ති අරගල පිළිබඳ ව තවදුරටත් අනුර කුමාර සහෝදරයා හෝ ලාල් කාන්ත සහෝදරයා කතා කරන්නේද නැත. ටිල්වින් සිල්වා සහෝදරයා සම්පූර්ණෙයන්ම තිරය පිටුපසට ගොස් ඇත. අවංකවම කිවහොත් ඒ් ඇයි දැයි කීමට තරම් තොරතුරු හෝ අත්දැකීම් ද අප සතුව නැත. නමුත්, මේ මොහොත වන විට  JVP ය රටේ පැහැදිලි හිඩැසක් පුරවමින් සිටිති.

පන්ති අරගලයක් රටට අවශ්‍ය වූවත් නොවූවත්, දූශණයෙන් තොර දේශපාලන ව්‍යපාරයක අවශ්‍යතාවය පැන නගිමින් තිබෙයි. ඔවුන්ගේ දේශපාලන දැක්මට ඔබ ඒකඟ වූවත් නොවූවත් JVPයේ අවංකභාවය ප්‍රශ්න කළ නොහැකි ය. ඒවන් පසුබිමක අනුර කුමාර සහෝදරයා සිරස සටනට පැමිණ ලබාදුන් මෙම සාකච්චාවට හොඳින් සවන් දීම ජනතාවගේ යුතුකම බව අපි විශ්වාස කරමු. (කතාවට අදාළ Youtube Link  එක පහළින්)

Satana| Anura Kumara Dissanayake

මෙහිදී, ඔහු කියන කරුණු කිහිපයක් දෙස අවදානය යොමු කළ යුතුය.
ඔහුගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ JVP යට අවස්ථාවක් ළබා දෙන්න යන්නයි. වසර 70ක් රටේ ප්‍රධාන පක්ෂ දෙක රටට කර තිබෙන හානිය පිළිබඳ ව අමුතුෙවන් කිව යුතු නැත. ඔවුන් රට විනාශ මුඛයට ඇද ගිය සැටි කිසිඳු ලැජ්ජාවකින් තොරව කියවන ඇතැමුන්ම, JVP ය විවේචනය කිරීම තරමක් හාස්‍ය ජනකය. එම නිසා අනුර කුමාර ඉල්ලා සිටින්නේ රනිල් ට රට කරවන්න දුන් අවස්ථාව JVP යට ද ලබා දෙන්න යන්නයි. අනුර කුමාර ඉල්ලා සිටින්නේ මෙෙත්‍රී ට රට කරවන්න දුන් අවස්ථාව JVP යට ද ලබා දෙන්න යන්නයි. අනුර කුමාර ඉල්ලා සිටින්නේ මහින්ද ට රට කරවන්න දුන් අවස්ථාව JVP යට ද ලබා දෙන්න යන්නයි.

අනෙක් කරුණ නම් ඔවුන්ගේ දේශපාලනයේ පරිණතභාවයයි. තව දුරටත් ඔවුන් විපක්ෂයක් නොවන බව ඔවුන් අවධාරණය කරයි. උද්ඝෝෂණ වලින් එහා ගිය දැක්මක් තම පෙරමුණට ඇති බව, අනුර කුමාර අවධාරණය කරයි. මේ පිළිබඳ හොඳම උදාහරණය ඔවුන්ගේ නව ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ එය සම්පාදනය කරන සම්පත්දායකයන් ය. (ඔවුන් ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ වෙනම ලිපියක් ඉදිරිපත් කිරීමටද අපි බලාපොරොත්තු වෙමු.) විවෙචන වලින් එහා ගිය දිගු කාලීන සැලැස්මක් ඔවුන්ට ඇති බව JVP ය පෙන්වා දී ඇති බව අපගේ මතයයි.

අවසන් වශයෙන් අපට ඉල්ලීමක් තියෙනව. ඔබ දැනටමත් මෙවර ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 30 ගණනින් අයෙකුට සහය දීමට තීරණය කර අවසන් ඇති. නමුත් එක් වරක් අනුර කුමාර ගේ සටන වැඩසටහනට සවන් දෙන්න. ඔබ ඔබෙන්ම අසන්න ඔහු පවසන දෙය බොරුද කියල. ඔබ ඔබෙන්ම අසන්න ඔබට ජීවත් වෙන්න උවමනා මොන වගේ රටකද කියල. ඔබ ඔබෙන්ම අසන්න මේ රටේ අනිත් දේශපාලකයන්ට ඒවැනි දැක්මක් තිබේද කියල. එතනදී අංවකවම කිහන්න පුළුවන් නම් අනුර වැරදි කියල, අපටත් කියන්න. අපිත් කැමතියි දැනගන්න.

#V

Comments

Popular posts from this blog

කළු ඉරිදාවට සහය දීම

ලොකු කල්ලියේ කතාව

Port City