ගෝටගෙ විෂන්



ගාේටා සිය ප්‍රකාශන ප්‍රතිපත්තිය මෑත දිනකදී ඒලි දැක්වීය. මෙම ලිපිය තුලින් ඔහුගේ දැක්ම පිළිබඳ අපගේ අදහස මෙලෙස දක්වමු. මෙහිදී අප කිව යුත්තේ ගෝටා සිය අයියා බලයේ සිටින සමයේ කල තගරි අපට අමතක නොවන බවයි. ඒමෙනම ඔහුගේ තගරිකම් නිසාම, ඔහු රටක් පාලනය කිරීමට ගැලපෙන පුද්ගලයෙක් නොවන්නේ යැයි අපි විශ්වාස කරමු. කෙසේ වුවත් අධිකරණය ඉදිරියේ ඔහු තවමත් නිර්දෝෂී නිසා, අකමැත්තෙන් වුවද මෙම අපරාද කරුවාගේ "රට හදන සෞභාග්‍යෙයේ දැක්ම" අපි මෙලෙස ඉදිරිපත් කරන්නෙමු. වැල් වටාරම් සහ සීනි බෝල කතා ඉවත් කළ විට ගෝටාගේ දැක්මේ හරය හොඳ සහ නරක ලෙස කොටස් දෙකකට වෙන්  කොට අපි සාකච්චා කරමු.

හොඳ

  • දෙවන පෙළ රාජ්‍ය නිලධාරීන් ට අවශ්‍ය කළමණාකරන පුහුණු වීම් ලබා දීම.(පිටුව 6) 
  •  United Nations හි තිරසර සංවර්ධන ඉලක්ක සඳහා ළඟා වීමට අමාත්‍යංශ ව්‍යුහ සංශෝදනය කිරීම (පිටුව 7) - පරිසර අමාත්‍යංශයට ස්වාධීන තීරණ ගැනීමේ බලතල ලබා දීම විශේෂ බව අපි විශ්වාස කරමු.
  • රාජ්‍ය අායථන වල සභාපතිවරුන් ඒ අායථන වල ලාභ සම්බන්ධව වගකියන අයුරින් නීති සැකසීම (පිටුව 8)- අප රටෙහි තිබෙන අයවැය පරතරය අඩු කිරීමට නම් රාජ්‍ය ආදායම ඉහළ නැන්වීම අනිවාර්ය වෙයි. රාජ්‍ය ආයතන වල ආදායම ඉහළ දැමීමට නම් ඒහි පූර්ණ වගකීම අදාළ රාජ්‍ය නිලධාරීන් ට පැවරිය යුතු අතර, නීති රාමුවක් තුළ ඔවුන්ට ස්වාධීනව තීරණ ගැනීමට ඉඩ දිය යුතුය.
  • නඩු නොපවරා ඇති, සිරගත කර සිටින ආරක්ෂක අංශ නිලදාරීන්ට නිදහස ලබා දීම (පිටුව 13)- රනිල්, මෙෙත්‍රී දෙපලට ඒල්ල වී  ඇති ප්‍රධාන චෝදනාව නම් ආරක්ෂක අංශ නිලදාරීන්ට ඔවුන් විසින් දෙන කුඩම්මාගේ සැලකිලිය. ගෝටා තවමත් ලාංකීය දේශපාලනයට "අදාල වන්නේ" රනිල් හා මෙෙත්‍රීගේ නින්දිත තීරණ නිසාය. ගෝටා සිය වේදිකාවේත්, ප්‍රකාශනයේත් ආරක්ෂක අංශය පිළිබඳ පුන පුනා සටහන් කරන්නේ ජනතාව තවමත් රණවිරුවාට ලැදි නිසාය.
  • පෙර පාසල් ප්‍රමිතිකරණය කිරීම (පිටුව 20)- හතු පිපෙනවා මෙන් තැන තැන අටවන "මොන්ටිසෝරි කඩ" වෙනුවට විදිමත් පූර්ණ ළමා විය සංවර්ධන මද්‍යස්ථාන ඇති කොට ඒහි ගුරුවරුන් අධීක්ෂණයට ලක් කල යුතුය.
  • සුව දිවි මග (පිටුව 23)- මෙය සැබැවින් ම අගය කල යුතු වැඩපිළිවෙලකි. 
  • තරුණ මානව සම්පත් දත්ත බැංකුව (පිටුව 26)- ත්‍රී වීලයෙන් ඒපිටට අපගේ තරුණ පරපුර ගෙනයාමට මෙවන් පියවර අත්‍යාවශ්‍ය වන්නේය.
  • සියළු පළාත් වල  ජාත්‍යන්තර ක්‍රීඩාංගන ආරම්භ කිරීම (පිටුව 26)- උතුර නැගෙනහිර ජනතාව ඉල්ලා සිටිනුයේ සෑම මංසන්ධියකම අවි රුගත් ආරක්ෂක අංශ වෙනුවට, මසකට වරක් ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග දැක බලා ගැනීමට අවස්ථාවයි. අන් අයුරකින් කිවහොත් ඔවුන් බලාපොරොත්තු වන්නේ  දකුනේ මිනිසාට ලැබෙන සරල නිදහසය. තම රැකියාවේ, පාසලේ ගැටළු පැය කිහිපයකට අමතක කොට ජීවිතය විඳීමටය. මොනරාගලටත්, පානදුරටත්, වවුනියාවටත්, කුරුණෑගලටත්, මාතරටත්, රත්නරපුරටත් මෙය පොදුය.
  • කාන්තාවන්ට නැවත දරුවන් ලැබීමෙන් පසුව නැවත රැකියා මගට පිවිසීමට අවස්ථාව සැලසීම (පිටුව 26)
  •  ආභාධිත පුද්ගලයින් වෙනුවන් වන වැඩසටහන (පිටුව 28)- අකමැත්තෙන් වුවද කිව යුත්තේ මින් පෙර කිසිදු දේශපාලන ව්‍යාපාරයකින් ඉදිරිපත් නොකල වැඩසටහනක් ගෝටා ඉදිරිපත්කර ඇති බවය. විශේෂ අවශ්‍යතා තිබෙන පුරවැසියන් වෙනුවෙන් රසවින්දනාත්මක වැඩසටහන් ඇරබීම සැබැවින්ම ජන හිතකාමී යෝජනාවකි.
  • බදු ක්‍රමය (පිටුව 36)- ෙගා්ටාගේ බදු ක්‍රමය හොඳ මෙන්ම නරක ද අඩංගුය. නමුත් free wifi  බලාපොෙරොත්තුවෙන් සිටි පුරවැසියාගේ දුරකථන හා අන්තර්ජාල ගාස්තු 50% කපා හැරීම, තොරතුරු ලබා ගැනීමේ නිදහසට අත්‍යාවශ්‍ය පියවරකි. රනිල්ගේ CEO, CFO, Executive  පන්තියේ මිතුරන්ට Paye Tax ඒක නොදැනුනද, සමාන්‍ය ජනතාව හාල් මිලදී ගන්නේද ඉතාමත් ප්‍රවේශමෙනි. ඒබැවින්, රුකියා කරන්නන්ගේ ඉපයීම් බද්ද කපා හැරීමද ජනතාවට ලැබෙන සැබෑ සහනයකි.
  • කෘෂි අස්වනු කළමණාකරණ ක්‍රමය (පිටුව 38)- මෙරට ගොවියා මෙම වැඩපිලිවෙලට ඒක් කරගත හැකි නම් තවදුරටත් කුණු වට්ටක්කා ගැන උද්ඝෝෂණ තැබීමට අවශ්‍ය නොවනු ඇත.
  • කුරුදු නිශ්පාදනය NVQ සහතික මට්ටමට අනුබද්ධ කිරීම (පිටුව 42)- තරුණ කරපුර කෘෂිකාර්මික රැකියාවලින් ඉවත් වීම වැලැක්වීමට නම් ඒ අංශ වල රැකියා ප්‍රමිතිගතකරණය කොට, ගෞරවාන්විත වෘත්තියක් කිරීමට මේ මූලික පියවර අත්‍යාවශ්‍යය.
  • මහජන සේවා මධ්‍යස්ථාන (පිටුව 50)- අපි කොළඹ වාහන තදබදය ගැන නිතර කතා කරමු. ඒයට පිලියම් ලෙස metropolitan සංකල්පය වැනි වියදම්කාරී විසදුම් ගැන දේශපාලඥයෝද නිතර කතා කරති. නමුත්, වාහන බලපත්‍රය ලබා ගැනීමට හම්බන්තොට වෙලෙන්දා කොළඹ පැමිණිය යුතු නම්, පෙන්ෂන් ඒක සාදා ගැනීමට ගුරුවරයා කොළඹට, නුවරට යා යුතු නම් metropolitan සංකල්පය සුරංගනා කතාවක්ම පමණක්ය. දුර බැහැර ප්‍රදේශවල සිටින ජනයාට නගරයට නොපැමිණ, නිවසේ සිට හෝ ළඟම උපනගරයෙන් සිය සේවාවන් ඉටු කරගත හැකි නම්, ඒය සැබෑ ජයග්‍රහණයකි.
  • ප්‍රවාහන සේවය (පිටු 56 සිට 58)- කුමන විවෙචන තිබුනද, ප්‍රවහන සේවය දියුණු කිරීමේ උවමනාව හා දැක්ම තමන් ට තිබෙන බව ගෝටාගේ මෙම ප්‍රකාශයෙන් දැක ගත හැකිය. ඒකම ගැටළුව වන්නේ බලයට පැමිණි පසුව රේල් මාවත්, මහා මාර්ග, e-ticketing system  වල ඒස්තමේන්තුව අහේතුකව දෙගුණ තෙගුණ වී, ඒ සඳහා වැය වන මුදල් සී ෂෙල්ස් දූපත් වල, ස්විස් බැංකු වල ස්වයංජාත වීමය.

නරක

  • ප්‍රාථමික හා දෘතීක අධ්‍යාපන ප්‍රතිපත්ති- ආරක්ෂක අංශය ගෝටාගේ කූඹියෝ නම්, අධ්‍යාපන ප්‍රතිපත්තිය ඔහුගේ දෙවනි ඉනිම බඳුය. අලුත් පාසල් සෑදීම සාධනීය වුවත්, රෝයල් ඒක සහ මධ්‍ය මහා විද්‍යාලය අතර පරතරය නැති කිරීමට කිසිම අදහසක් ඔහුෙග්  ප්‍රකාශය තුළ අඩංගු වන බව අපි විශ්වාස නොකරමු. කෙසේ වුවත් උසස් අධ්‍යාපනය නවීකරණය කිරීමට යෝජනා කර තිබෙන ඇතැම් දේ නම් අගය කළ යුතුමය. අන්තර්ජාල අධ්‍යාපනය, NVQ පාඨමාලා pathway සෑදීම විශේෂය.
  • නගරාලංකරණය (පිටුව 23)- ගෝටාගේ දෙවන යුද්ධය වූයේ නගරාලංකරණයයි. අදහසක් ලෙස ගත්කල විදිමත් නගරාලංකරණය රටකට අත්‍යාවශ්‍ය කරුණකි. නමුත් කොළඹ අලංකාර වන්නේ යාචකයාගේ හිසට ගල් වැටීමෙන් නම්, කොළඹ කුණු මීතොටමුල්ලට ගෙනවිත් දැමීමෙන් වත් නම් එහි ඇති තිරසාර සංවර්ධනයක් නොමැත. රටක මධ්‍යම ආණ්ඩුව කල යුත්තේ මිනිස් සුවපහසුව සඳහා ප්‍රතිපත්ති සැකසීම විනා පාක් සෑදීම නොවෙයි. පාක් සෑදීමට ලංකාවේ පලාත් පාලන ආයතන 341 පිහිටුවා ඇත්තේ ඒ් සඳහාය.
  • පෞද්ගලික අංශයේ අවම වැටුප (පිටුව 29)- ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල ආදායම රු. 725,000 කි. ගෝටාගේ යෝජනාව වනුයේ රු 10,000 අවම වැටුප රු 12,500 ක් දක්වා වැඩි කිරීමයි. ඒසේනම් අවම වැටුපට වැඩ කරන පුරවැසියාගේ ඒක පුද්ගල ආදායම රු. 150,000 කි. ඒසේනම් ගෝටා මෙහිදී ඉදිරිපත් කර තිබෙන්නේ තඩි ඡන්ද ගුන්ඩුවක් විනා, ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවන පියවරක් නොවෙයි.                                                                                                                                          ඒක පුද්ගල අාදායම | (English)
  • බදු ක්‍රමය (පිටුව 36)- ධම්මික පෙරේරා, Rolls Roys අැනවුම් කරන විට, දුෂ්කර ගම්මාන වල වෙසෙන පවුල් වේලක් හැර වේලක් අාර්ථික විෂමතාවයක් අැතිව තිබෙයි. සැබෑ දූරදර්ෂී නායකයෙක් අාදායම් කාණ්ඩ වලට පුරවැසියන් වෙන්කොට බිලියන ගණන් උපයන ව්‍යාපාරිකයන්ගෙන් වැඩි බද්දක් අය කල යුතු අතර, ඒ බදු මුදල් අඩු ආදායම් ලාබී පවුල් වලට නව ආදායම් මාර්ග සලසා දීමට ආයෝජනය කල යුතුය. ඒවන් වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමට කිසිම දේශපාලඥයෙකුට කෂේරුකාවක් නොමැති බවට මෙය කදිම උදාහරණකි.
  • පුණර්ජනනීය නොවන විදුලි ශක්ති ප්‍රභව වලින් මිදීමේ වැඩසටහනක් ගෝට සදහන් කරන්නේ නැති වීම කණගාටුවට කරුණකි. (පිටුව 58)
  •  අප පෙර කිවූ පරිදිම ගෝටා යනු මෙරටෙහි අධිකරණයේ ස්වාධීනත්වයට මැදැගිල්ල දිගු කල ඒකාධිපතයෙකි. ඒ නිසාමදෝ ඔහුගේ ප්‍රකාශනය තුළ නීතියේ ස්වාධීනත්වය පිළිබද කිසිම තැකීමක් සිදු නොකර තිබෙන බව අපගේ හැගීමයි.

ගොන් ජෝක්

  • රාජ්‍ය නිලධාරීන් පත් කිරීමෙදී ඒ තනතුරු වලට "නායකත්ව හැකියාවෙන් යුත්, විෂය පිළිබඳ මනා දැනුමික් ඇති, සුදුසුකම් හා අත්දැකීම් වලින් පරිපූර්ණ" නිලදාරීන් පත් කිරීම. (පිටුව 6)- නිශාන්ත වික්‍රමතුංග වැනි "නායකත්ව හැකියාවෙන් යුත්, විෂය පිළිබඳ මනා දැනුමික් ඇති, සුදුසුකම් හා අත්දැකීම් වලින් පරිපූර්ණ"  නිලදාරින් Sri Lankan Airlines  වලට කර ඇති සේවය සලකා බලන විට ගෝටා ට රාජ්‍ය නිලදාරීන්ගේ විධිමත් පත් කිරීම් ගැන දැනුම් සම්භාරයක් තිබෙන බව පෙනී යයි.              නිශාන්ත වික්‍රමතුංග පිළිබද වාර්ථාව| Asian Mirror (English)
  • රාජ්‍ය අංශයට වාහන හා කාර්යාල මිලට ගැනීම තහනම් කිරීම (පිටුව 7)- අපි කොන්ඩෙ බැඳපු චීනු නිසා කිසිවක් නොකියා සිටිමු. 😒
  • සෞඛ්‍ය  සේවකයන්ට "සායනික කුසලතා" මත උසස් වීම් ලබා දීමේ වැඩපිලිෙලක් සැකසීම (පිටුව 24)- අනුරුද්ධ පාදෙනිය පසෙකින් සිටින විට, කුසලතා මත උසස් වීම් ලබා දෙන බව පැවසීම ගෝටාගේ "වියත්" පාක්ෂිකයන්ට කරන විහිළුවක් බව අපි සිතන්නෙමු. 
  • අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීම (පිටුව 36)- අයියා 2014 වසරේ රු. මිලියන 8569 මූල්‍ය පරිපාලණ සංකල්ප සොයානෙගෙන තිබුනේද යන ගැටළුව මතු වෙයි.                                                            2014 අයවැය
  • කොළඹ සහ හම්බන්තොට කේන්ද්‍රකරගත් සංචාරක ව්‍යාපාරයක් ඇරබීම (පිටුව 45)- රනිල් විකිණූ වරායේ වැඩට ඒන චීන කොන්ත්‍රාත්කරුවන් හැර, හම්බන්තොට සංචාර කිරීමට යන මිනිසුන් නොමැති බව ගෝටාට අමතක වී තිබෙයි.
ගෝටාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය | (සිංහල)

අවසාන වශෙන් කීමට ඇත්තේ ගෝටාගේ ප්‍රකාශනය සාධනීය ඒකක් බවයි. ඒහි තිබෙන ගොන් ජෝක් අමතක කල විට මෙම ප්‍රකාශනය තුලින් අනෙක් අපේකෂකයන්ට ද ඉගෙන ගත හැකි දෑ බොහෝය. ගැටළුව වනුයේ ගෝටාගේ අතීතයයි. ගැටළුව වනුෙය් ගෝටාගේ අප්පච්චි වෙනුවෙන් සෑදූ කෟතුකාගාරයයි. ගැටළුව වනුෙය් මිග් ගනුදෙනුව පිලිබද ලිපි පෙලක් ලියමින් සිටි ලසන්ත වික්‍රමතුංග අභිරහස් ලෙස ඝාතනය වීමයි. 

Comments

Popular posts from this blog

කළු ඉරිදාවට සහය දීම

ලොකු කල්ලියේ කතාව

Port City