වහල්භාවය

ජනාධිපතිවරණයක් පැවත්වීම ප්‍රකාශයට පත් කර ඇති කාලසීමවක වසර 70ක පමණ සිට පුරුදු පරිදි මිනිසුන් දෙපසකට වී ඇනකොටා ගනිමින් පවතී. ඊට අමතරව තවත් පිරිසක් විකල්ප ඔස්සේ විසඳුම් සොයති. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහරයේදී සිංහල දෙමල හා මුස්ලිම් බහුතරයක් දෙනා දේශපාලනය ගැන කලකිරී නව දේශපාලන පරපුරක් බිහි කිරීමට සිතමින් පසුවිය. පක්ශ විපක්ශ සියල්ලන් පාහේ ප්‍රහරය ගැන දැනුවත් වී තිබුනි. විපක්ශ නායක වරයා පවා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ එතුමාගේ ආරක්ෂකයන් හට ඒ පිලිබඳව දැනුවත් කිරීමක් ලැබී තිබූ බවයි. රජය ගැන් පවසිය යුත් නැත. රාජ්‍ය ආරක්ශව දෙවනිකොට සලකා තිබූ බව ඉන්දීය බුද්ධි අංශවල දැනුවත් කිරීම් පවා නොසලකා හැරීමෙන් තේරුම් ගත් හැක. 

නමුත් දේශපාලනය වෙනස් කිරීමට සිටි ජනතාව මේ දිනවල කරන්නෙ කුමක්ද? 


දේශපාලනඥයින් විසින් ජනතාව යලිත් පෙර තිබූ තත්වයට සූක්ෂමව රැගෙනවිත් ඇත. එයට ජනතාවද වගකිවයුතු නොවේද? උගත් බුද්ධිමත් ජනතාව ලෙස දේශපාලන රැස්වීම් වලදී දේශපාලනඥයින් ආමන්ත්‍රණය කලද ජනතාව  උගත් කෙසේ වෙතත් බුද්ධිමත්ද? විශාල පිරිසක් ප්‍රධාන අපේක්ශකයන් දෙදෙනකුගේ වහලුන් මෙන් හැසිරෙති. තමා දරන දේශපාලන මතය නිවැරැදිම මතය බවත් අනිත් පුද්ගලයින්ගේ මතයද එයම විය යුතු බවත් ඔවුන්ගේ අදහසයි. තමන්ගේ දේශපාලන මතය සමාජ ජාල ඔස්සේ පලකරමින් රඟන්නට අවශ්‍ය නැත. 
තමා ලඟින් ආශ්‍රය කරනවුන් සමඟ දේශපාලනය නිසා පැටලෙන්නට අවශ්‍ය නැත. නමුත් දේශපාලන වේදිකා මත විරුද්ධවාදීන් වන දේශපාලනඥයින් අනිත් අවස්තා වලදී එකට කා බී සතුටු වෙති. සාමන්‍ය ජනතාව මගුල් අවමඟුල් අවස්තාවලදී රැස් වූ විටත් දෙශපාලන මත නිසා ගැටෙන අවස්තා සුලබ වේ.
මිනිසුන් ඉතා හොඳින් මෙය දැන් දැනත් දේශපාලනය නිසා විරසක වීම පුදුමයට කරුණකි.
බොහෝ දෙනා මෙය පිලිගැනීමට කැමති වුවත් තමාගේ දේශපාලන මතය සගයාගේ මතයට ගරු කිරීමක් ලෙස තවකාලිකව දෙවනිකොට සැලකීමට පවා අකමැතිය.
දේශපාලනඥයෙකුගෙන් ප්‍රශ්නයක් ඇසීමට යන තරුණයෙකුට අසල සිටි පිරිස පහර දෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සෙ ප්‍රචාරය විය. තමා අදහන දේශපාලනඥයා අපහසුතාවට පත්වීම වැළැක්වීමට එසේ කරන්නට ඇත. එයින් පැහැදිලි වන්නේ එම රැස්වීම් වලට පැමිනෙන්නේ මධ්‍යස්ත මත දරන්නන් නොවන බවයි.දේශපාලනඥයා රට කරවන හැටි දැන ගැනීමට පැමිනෙන්නන් නොවන බවයි. ඔහු කියනා ඕනෑම දේකට හුරේ දැමීමට පමණක් ඔවුන් පැමිණ ඇත.

චන්දයකදී ලඟට එන දේශපාලනඥයින්ට වඩා දුකකදී ලඟට එන හිතවතා චන්ද කාලයේදී අමතක කිරීම ඉතා පිලිකුල් සහගතය. 

රට හැදීමට අපේක්ෂා කරන සියලු පක්ෂ  වල වහලුන් ඊට පෙර තම මිනිසත්කම පෙරට ගත යුතුය. තම අසල්වාසීන්, මිතුරන් තම බදු මුදල් වලින් සැප විඳින පුද්ගලයිනට වඩා වැදගත් බව සිතට ගත යුතුය. රටේ අනාගතය යහපත් කිරීමට සිතමින් දේශපාලනඥයින්ගේ වහලුන් වීම නැවැත්විය යුතුය. ඉන් පසු අපිට රටේ අනාගතය ගැන සාකච්ඡා කළ හැක.

Comments

Popular posts from this blog

කළු ඉරිදාවට සහය දීම

ලොකු කල්ලියේ කතාව

Port City