ජනාධිපතිවරයා තේරීම

2019 ජනාධිපතිවරණයේ උණුසුම වැඩිවෙමින් පවතියි. සමහරු මේ වන විටත් චන්දය ලබා දෙන අපේක්ශකයා  තීරණය කර ඇත. නමුත් චන්දදායකයින් අතරින් මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති අපේක්ශකයන් ගණන දන්නේ කීයෙන් කී දෙනාද?

බොහෝ දෙනාට එය අදාලම නැත. බොහෝ විට ප්‍රධාන අපේක්ශකයන් දෙදෙනා පමණක් ඉලක්ක කරගනිමින් ජනාධිපතිවරණය සඳහා ජනතාව චන්දය ප්‍රකාශ කරති. සැබැවින්ම කල යුත්තේ එයද? අපි අපේක්ශකයන් සියල්ල පිලිබඳව සලකා බැලිය යුතු නොවේද?

අපේක්ශකයන් අතරේ චන්ද කැඩීම පිණිස ඉදිරිපත් වන අපේක්ශකයනද නැතුවා නොවේ. නමුත් අපි සියල්ලන්ගේම ප්‍රතිපත්ති ප්‍රකාශ අධ්‍යනය කිරීමෙන් හා පුද්ගලයා පිලිබඳව අධ්‍යනය කිරීමක් නොකර ප්‍රධාන පක්ෂ දෙක හා විකල්ප කිහිපයක් ගැන පමණක් අවධානය යොමු කිරීම සුදුසුම පුද්ගලයා තේරීමට හැකිද?

කුඩාම හොරා තේරීම.


රටේ දැන් තත්ත්වය ගැන සිතා බලමු. ජනාධිපතිවරණය, කුඩාම හොරු කණ්ඩායම වට කරගත් අපෙක්ෂකයා හෝ කුඩාම හොරා තේරීමේ තරඟයක් බවට හැරී ඇත. අපේක්ශකයෙකුගේ වැරැද්දක් / අඩුපාඩුවක් කිසිවෙකු පෙන්වූ විට එම අපේක්ශකයගේ වහලුන් විසින් කරන්නේ අනෙත් ප්‍රධාන අපේක්ශකයාගේ වැරැද්දක් එතනට ඇද දමා ඊට වඩා මෙයා හොඳයි යනුවෙන් වැරැද්දකින් වැරැද්දක් යටපත් කිරීමයි. බුකීවාසී බුද්ධිමත් ජනයා එවන් ක්‍රියාවන් ඉතා ඉහලි දේශපාලන post වල comment  කිරීමේදී සිදුකරයි. එය ඉතා සුලබ සිද්දියකි. නමුත් එම කිසිවෙකු වෙනත් අපේක්ශකයෙකු දෙස අවධානය ලබා නොදෙයි. තම ස්වාමී දේසපලුවාගේ වැරදි වසමින් ඒවා සාධාරණීකරණය කරමින් එක් අපේක්ශකයෙකුට ඇලී සිටියි.

දිනන්න පුලුවන් අපේක්ශකයෙකුට චන්දය දීම.


මා හට මගේ සීයාගෙන් කනට වැටුන අදහසට අනුව දිනන්න බැරි අපේක්ශකයෙකුට චන්දය දීමෙන් පලක් නැත. " වෙන කෙනෙකුට දුන්නට දිනන්න බැරි නිසා මම මෙයාට දෙනවා " යන්න ඔහුගේ මතයයි. නමුත් තමන් කැමති අයෙකුට චන්දය දීම තමන්ගේ අයිතියකි. ඔහු හෝ ඇය දිනනවාද නැද්ද සැලකීම අවශ්‍ය නැත. තමාට අනුව මේ මොහොතේ ජනාධිපති වීමට සුදුසුම පුද්ගලයා තමාට තේරිය හැක. මා සිතන ආකරයට දිනිය හැකි ‍යැයි සිතන අයෙකුට චන්දය දීම තම අයිතීන් පාවදීමක් වැනිය. එයින් අනුන්ට ඕනි කෙනෙකුට තමා චන්දය දීමක් සිදුවේ. සියල්ලන්ම තමන් කැමති, රටට අවශ්‍ය යැයි සිතන අයෙකුට චන්දය දීමෙන් ප්‍රධාන පක්ෂ දෙකට අයත් නොවන අයෙකු ජනාධිපති විය නොහැකිද? එය විය නොහැක්කක් නොවේ. එම නිසා දිනිය හැකි අයෙකුට චන්දය දීම යනු මෝඩම තර්කයකි. නමුත් සියලු දෙනා නිවැරදි අයෙකුට චන්දය දීම වැදගත් වේ.

ප්‍රතිපත්ති ප්‍රකාශ වල ප්‍රායෝගික බව 


අපේක්ශකයන්ට ප්‍රතිපත්ති ප්‍රකාශ වල ඕනෑම සුරංගනා කතා ඇතුලත් කල හැක. කියවා බැලීමේදී ඉතා රසවත් ලෙස අපට දැනෙන අයුරින් අනිවාර්යයෙන්ම ඒව සකස් කර ඇත. නමුත් අප ඒවායේ අඩංගු කරුණු ප්‍රායෝගිකද නැද්ද යන්න සිතිය යුතුය. මන්ද දේශපාලනඥයින් යනු ජනතාව මුලා කිරීමට උපන් හපනුන් වේ. කාලෝචිත ප්‍රතිපත්ති තිබීම අනිවාර්යයෙන්ම සැලකියයුතු කරුණකි. පෙර තිබූ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම පමණ්ක් උචිත නොවේ. රටේ වර්තමාන ආර්ථිකයට, සමාජයට ගැලපෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වේ. එම නිසා ප්‍රායෝගික ප්‍රතිපත්ති ඇති අපේක්ශකයෙකු තේරීම ඔබට ඇති වගකීමකි.

සමාජ මාධ්‍යවල බලපෑම


සමාජ මාධ්‍ය වලින් චන්ද පැවැත්වීම පසුගිය දින කිහිපය තුල බොහෝ අය දකින්නට ඇත. එහි ප්‍රතිඵල ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය යැයි සිතීම අනුවණකමකි. මන්ද ඕවට චන්දය ලබා දෙන අයගෙන් බොහෝ අයෙක් මෙවර චන්ද දායකයන්වත් නොවේ. 18ට අඩු කුඩා කොල්ලන් කෙල්ලන් මහ උගතුන් මෙන් කියනා සමහර කතා ඔලමොට්ටල තර්ක වේ. දශක ගණනක් මේ රටේ ජීවත් වූ අයට මේවා අනිවාරෙන් විහිලු කිරීමක් වැනිය. වසර 5ක 10ක ඉතිහාසය ගැන පමණක් දන්නා අය පක්ෂ දේශපාලනය කිරීම දුකට කරුණකි. සමාජ මාධ්‍ය වලින් මා දකින් නරකම දෙය පෙර සඳහන් කල පරිදි කෙනෙක් අපේක්ශකයෙකුගේ වැරැද්දක් පෙන්වීමෙදී එය නිවැරැදි කිරීමට වහලුන් සැදී පැහැදී සිටීමයි.


නිවැරැදිව ජනාධිපතිවරයා තේරීමීදී සැලකිය යුතු කරුණු,


1.  අධ්‍යාපන මට්ටම
2. සමාජයේ ක්‍රියාකරීත්වය
3. ගති පැවතුම් හා අදහස්
4. අපේක්ශකයාගේ අතීතය
5. සහය පල කරන දේශපාලනඥයින්ගේ ක්‍රියා කලාපය ( අතීත / වර්තමාන )
6. ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අඩංගු කරුණු

නමුත් මෙහිදී සැලකිය යුතු සෑම කරුණකින්ම නිවැරදි හා සුදුසුම පුද්ගලයෙකු නොසිටිය හැක. එවිට සුදුසුම පුද්ගලයා තෝරා ගැනීමට බුද්ධිය තමන් සතු විය යුතුය.

අදහස්, යෝජනා, චෝදනා post එක පහලින් comment කරන්න.

Comments

Popular posts from this blog

කළු ඉරිදාවට සහය දීම

ලොකු කල්ලියේ කතාව

Port City