අනුර දකින රට

"විකල්ප බලවේග" කොපමණ තිබුණත්, ජනතා විමුත්කි පෙරමුණ යනු රටේ පළමු විකල්පයයි. ඔවුන් වසර ගණනාවක් වමේ අරගලය වෙනුවෙන් පෙනී සිටියේය. JVP මෙරට සැබෑ වම නියෝජනය කල විශාලම දේශපාලන ව්‍යාපාරය විය. නමුත් ඡන්දයෙන් ඡන්දයට, ජනතාව හමුවේ JVP්‍ය ප්‍රතික්ෂේප වනු අපි දැක ඇත්තේමු. ඒ නිසාමදෝ මෙවර රතු පාට අතහැර, සීනුව අතහැර, පන්ති අරගලය ගැන, සමාජ විෂමතාවය ගැන කතා නොකර කොළඹාසන්න මධ්‍යම පාන්තික ප්‍රජාවකගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සමග JVPය NPP ලෙස ජනතාව හමුහට පැමිණ ඇත. JVP යේ අපේක්ෂක අනුර කුමාර මහතා ද, නායකයා වීමට පෙර සිටි අනුර කුමාර ම යැයි නොකියමු. ඔහුට 28, Sydney Avenue, Blackrock, Dublin 6, Ireland හි නිවසක් ඇති බවට චෝදනා නැගුන විට ඔහු පැවසුවේ Facebook මඩ වලට ප්‍රතිචාර නොදෙන බවයි. ඒ නිසාම ඔහු ගැනද යම් විවේචනය සහ අවබෝධයක සිටිමින් අපි, NPP හි ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබද මෙලෙස අපගේ අදහස් දක්වන්නෙමු.
අනුර කුමාර, අයර්ලන්තයේ නිවස පිළිබද චෝදනා | (English)

හොඳ

  • අධ්‍යාපනයට අයවැයෙන් 6% වෙන් කිරීම (පිටුව 6)- ඇමති වරුන්ට සැප පහසුවේ කඳු නගින්න සුඛෝපභෝගී රථ වාහන, ජනාධිපතිට වේල් තුනට ලක්ෂ ගණන් වියදම් කරනා රටක රටේ අනාගතය වෙනුවෙන්, අයවැයෙන් සිදු කරන ආයෝජන වෙනස් විය යුතුය.
  • මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන විදිමත් කිරීම (පිටුව 8)- ගෝටාගේ විෂන් ලිපියේ පැවසූ පරිදිම, දරුවාගේ අධ්‍යාපනයට මූලික අඩිතාලම දැමිය යුත්තේ නිසි ක්‍රියාපටිපාටියකට, එයට ගැලපෙන නිර්මාණශීලි පරිසරයක් තුල මිස කුඩා කඩ කාමර වල නොවන බව අපගේ මතයයි. එමෙන්ම පෙර පාසල් ගුරුවරුන් නිසි අධ්‍යාපන මට්ටමක් සපුරා ගැනීම අනිවාර්ය කල යුතු බවද අපගේ මතයි.
  • නිවසේ සිට 4km දුරින් පිහිටි පාසලක් (පිටුව 8)- දවසට පැය 4 බැගින් මහපාරේ, පාසල් සේවා රථ වල රස්තියදු වන්නේ අපේ රටේ දරුවාගේ ලමා කාලයයි. ඔවුන්ගේ ළමා කාලය ඔවුන්ටම ලබා දීමට නම්, සෑම දරුවාටම නිවස ආසන්නයේ පිහිටි පාසලට ඇතුළත් වීමේ අවස්ථාවත්, ඒ සියළු පාසල් වලට එක හා සමාන පහසුකමුත් ලබා දිය යුතුය.
  • පාසල් වල අවම පහසුකම් නිර්ණය කිරීම (පිටුව 9)- හොඳ පාසල්, නරක පාසල් යන සංකල්පය අපි අහෝසි කල යුතුය.
  • දරුවාගේ රුචිකත්වය මත ද්විතීක ජේ‍ය්ෂ්ඨ අධ්‍යාපන විෂයධාරා තෝරා ගැනීම (පිටුව 9, 10)- ඇතැම් දෙමාපියන්ට මෙය පුදුමයක් වූවත්, සෑම දරුවාටම වෙෙද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් හෝ නීතිඥයෙක් වීමේ අවශ්‍යතාවයක් නැත. ඔවුන් එසේ කීමට හේතුව "පහත්" යැයි සම්මත රැකියාවල යෙදෙන අයට ලාංකීය සමාජය සලකන නින්දිත ආකල්පය සහ දේමාපිය බලපෑම්ය.ඒ නිසා, දරුවාගේ කුසලතා හදුනාගෙන ඔවුන්ට කැමති ශේස්ත්‍රයක් තුලින් ඉදිරියට යෑමට අවස්ථාව සැකසිය යුතුය.
  • 1 වසරේ සිට 5 වසර දක්වා විභාග, ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම (පිටුව 10)
  • සෑම පාසලකටම පානීය ජලය හා වැසිකිලි පහසුකම් (පිටුව 10)- සමාජයේ කොටසක් පාසලට swimming pool  එකක් නොමැති වීම ගැන චෝදනා කරන විට, ඇතැම් පාසල් වල වැසිකිලි පහසුකම් වත් නොමැත. ඒ නිසාම මෙය හැකි ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුය.
  • වැඩිහිටි හා දුරස්ථ අධ්‍යාපනය (පිටුව 12)- වෙනත් කිසිම අපේක්ෂකයෙක් අවධානය යොමු නොකල ශේස්ත්‍රයකට JVPයේ අවධානය යොමු වීම ඉතා අගනේය. රැකියාවක ඵලදායී බව වැඩි වීමට නම් වෘත්තිකයා තම රැකියාව පිළිබද කැමැත්තේන පසු විය යුතුය. නමුත්, ලංකාවේ ක්‍රමය තුළ accountant ට ඉන් එපිට රැකියාවක් නැත. කඩේ මුදලාලිට වෙනත් රැකියාවට යාමට අවස්ථාවක් නැත. නමුත්, බොහෝ රටවල සිදුවන්නේ එයයි. වයස අවුරුදු 40 වැඩිහිටියන්, තරුණ තරුණියන් සමග විශ්වවිද්‍යාල වල, තාක්ෂණික ආයතන වල ඉගැනුම ලැබීම සුලබ දසුනකි.
  • සෞඛ්‍ය සේවය ජනතා අයිතිවාසිකමක් ලෙස පිලිගෙන සැමට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසීම (පිටුව 26)- සෞඛ්‍ය සේවයේ අයිතිය අතතේ සිංගප්පූරුවට බෙහෙත් ගැනීමට යන "සුවපති" ලා ගේ පන්තියට පමණක් නොවන බව අප සිහියේ තබා ගත යුතුය.                                 රාජිත සේනාරත්න | (English)
  • සේවා ස්ථාන වල  සෞඛ්‍ය ගැටළු නියාමනය කිරීම (පිටුව 26)- රැකියා කරන ස්ථානයේදී සිදුවන අනතුරකදී බොහෝ විට සිදුවන්නේ ඒහි වියදම අතින් දරා ගැනීමටය. සේවා ස්ථාන වල වගකීම් රහිතභාවය නිසාම, සුද්දා කරන්නට අකමැති හා අඩු මුදලට කරගත හැකි රැකියාවල් ලංකාවට පටවෙයි. ඒ නිසාම සේවා ස්ථාන සිය සේවකයා පිලිබද මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුය.
  • රෝගීන්ට සැලකීම පිළිබද නිසි ආචාර ධර්ම පද්ධතියක් හදුන්වා දීම හා වෙෙද්‍යවරුන්ට කාලසටහනක් හදුන්වා දීම (පිටුව 27)- මෙලොව සියළුම රැකියාවලට තිබෙන්නේ එකම වටිනාකමක් බවත්, රැකියාවක් පුද්ගලයෙකුගේ වටිනාකම තීරණය නොකරන බවත් අපගේ මතයයි. එබැවින් වෙෙද්‍යවරුන්ද යම් අචාරධ්ම පද්ධතියකට එකග වීමට කාලය පැමිණ ඇත.
  • රෝගියාගේ සියළු රෝග විස්තර පරිගණකගත කිරීම (පිටුව 28)
  • ලිංග ඡේදනයනැවැත්වීම (පිටුව 44)- 21 වන සියවසට පියමැණිමෙන් පසුවත් මෙලෙස ලොකයට විහිළු සැපයීම අනවශ්‍ය බව අප වටහාගත යුතුය.
  • ස්ත්‍රී ගෘහමූලිකයන්ගේ ඉඩම්අයිතිය තහවුරු කිරීම (පිටුව 45)- ස්ත්‍රී පාර්ෂවයට අපගේ සමාජය සලකන ආකාරය සැබැවින්ම ශෝක ජනකය.
  • වෘත්තියන් අතර සමානාත්මනාවය ඇති කිරීම (පිටුව 46)- පෙර අපි සදහන් කළ පරිදිම රැකියාව සහ මිනිසාගේ වටිනාකම අතර සමානාත්මතාවයක් නොතිබිය යුතුය. එමෙන්ම රටේ ඵලදායීතාවය වැඩි කිරීමට නම් සියළු රැකියාවලට සමාන ගෞරවයක් ලබා දිය යුතුය.
  • වැඩිහිටියන්ට ප්‍රවාහන සේවය නොමිලේ (පිටුව 48)- ඇමරිකවේ ජනාධිපති අපේක්ෂක බර්නි සැන්ඩර්ස් කියනව "සමාජයක දියුණු බව මැණිය යුත්තේ ඒ සමාජය, අසරණ වූ අයට සලකන ආකාරයෙන්" කියා. අපිත් විශ්වාස කරනව වසර 30ක් 40ක් මෙරට ශ්‍රම බලකායට දායක වූ ඔ්නෑම පුරවැසියෙකුට පොදු ප්‍රවාහන සේවය, සෞඛ්‍ය සේවා, කාය වර්ධන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබා දිය යුතුයි කියල.
  • පෞද්ගලික අංශයටද, අබාධිත පුද්ගලයන් බදවා ගැනීමේ 5% කෝටාව හදුන්වා දීම (පිටුව 50)
  • සමරිසි ප්‍රජාවගේ ලිංගික අයිතීන් පිලිගැනීම (පිටුව 50)- මෙය ඡන්ද බලාගෙන කල අදහසක් නොවන බව සබුද්ධික සියළු දෙනා පිලිගත යුතුය. ශ්‍රී ලංකාව වැනි ගතානුගතික සමාජයක මෙවන් අදහසක් ප්‍රකාශ කිරීම සැබැවින්ම අගය කල යුතුය.
  • වෙරළ තීරයට අපද්‍රව්‍ය බැහැර කිරීම තහනම් කිරීම (පිටුව 58)- කාර්මීකරණයත් සමග අපට ලැබී ඇතිනව ගැටළුව වන්නේ ගෝලීය උණුසුම හා පරිසර විනාශයයි. රටක් ලෙස මෙම ගැටළුවට පිළියම් යෙදීමේ වගකීමක් අපට ඇත. එමෙන්ම ලංකාව සාගරයට පිට කරන අපද්‍රව්‍ය ප්‍රමාණය නිසාම අපට වැඩි වගකීමක් පැවරී ඇත.

නරක

  •  දෙමාපියන්ගේ සේවා ස්ථානයේ සිට 4km දුරින් පිහිටි පාසලක් (පිටුව 8)- නිවස අසල පාසලක් දරුවාට ලබා දිය යුත්තේ දරුවාගේ අනාගතය ගැන සිතා මිස වෙන කිසිවක් ගැන සිතා නොවෙයි. මේ යෝජනාව තුළින් නැවතත් කරන්නේ පරණ ක්‍රමයටම කොළඹින් ගෙවල් සොයනවා වෙනුවට කොළඹින් රැකියා සෙවීමයි.
  • ත්‍රිකුණාමලය තෙල් ටැංකි නවීකරණය කොට අන්තර්ජාතික ඛනිජ තෙල් මධ්‍යස්ථානයක් කිරීම (පිටුව 64)- ලෝකයම පුණර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට යොමු වීමට උත්සහ දරන අවස්ථාවක මිලියන ගණන් වියදම් කොට වසර 10ක අයෝජනයක් කිරීම පාරිසරික වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන්ද අදූරදරශී බව අපගේ මතයයි.

ගොන් ජෝක්

  • තෘතියික අධ්‍යාපන ආයතන වල  සිදුවන හිංසනය වැලකීම (පිටුව 12)- එම හිංසනයන් පිටුපස සිටින දේශපාලන ව්‍යාපාරය කුමක්දැයි ජනතාව දන්නා බව අනුර මතක තබා ගත යුතුය.


    සම්පූර්ණ ප්‍රකාශනය පිලිබද අදහස් දැක්වීමට නොහැකි වීම පිලිබද අප සමාව ඉල්ලමු. නමුත් ප්‍රකාශනයෙන් විශාල කොටසක් කියවීමෙන් පසුව අපට වැටහී ගියේ මෙය රචනා කර තිබෙන්නේ විද්වත් සහයොගයකින්ම බවයි. ගැටළුව වනුයේ මෙම යෝජනා නියෝජනය කරන අනුර කුමාර මේ යෝජනා සැබැවින්ම විශ්වාස කරනවාද යන්නයි. ඒ කෙසේ වෙතත් NPP හි මෙම ව්‍යර්ථය සැබැවින්ම අගය කල යුතුය.

Comments

Popular posts from this blog

කළු ඉරිදාවට සහය දීම

ලොකු කල්ලියේ කතාව

Port City