හොඳ මහජන නියෝජිතයෙක් තෝරාගන්නෙ කෙසේද?

අපි නිතර සමාජයේ අසන දෙයක් තමයි 'කාට ඡන්දෙ දුන්නත් වැඩක් නැහැ', 'හැම පක්ෂෙම එකයි' වගේ දේවල්.ඉතින්, ඡන්දයත් ළඟ නිසා අපි හිතුවා කොහොමද වැඩක්ඇති මහජන නියෝජිතයො තෝරගන්නෙ කියල කතා කරන්න.
හොඳ මහජන නියෝජිතයො තෝරගන්න නම් අපි මුළින්ම පාර්ලිමේතුවට යන මන්ත්‍රිවරයෙකුගේ වගකීම මොකද්ද කියල අදුනගන්න ඔිනෙ. ඔිනෙම ප්‍රජාතන්ත්‍රවාදී රටක ව්‍යවස්ථාදායකයේ (අපේ රටේ ව්‍යවස්ථාදායකනය පාර්ලිමේන්තුව) කාර්යභාර්ය වෙන්න‌ෙ නීති සම්පාදනය හා ව්‍යවස්ථාව සම්පාදනය/ සංශෝදනය. එතකොට පාර්ලිමේන්තු යන මහජන නියෝජිතයන්ගෙ වගකීම වෙන්නෙ නීති සම්පාදනය කියන කාර්යභාර්යට සක්‍රීයව දායක වීම. දේශපාලනය තිත්ත වෙන තැනට ඇවිල්ල තියෙන්නෙ අපි පාරවල් කාපට් කරවන, රස්සාවල් හොයල දෙන, බත් පැකට් බෙදන, මළ ගෙදරට එන අපේක්ෂකයට ඡන්දෙ දීම නිසා. පාරවල් කාපට් කරල, රස්සාවල් හොයල දීල, බත් පැකට් බෙදල ව්‍යවස්ථාදායකයට යන බහුතරයක් මන්ත්‍රීවරුන්ට තේරෙන්නෙ නැහැ එයාලව එවල තියෙන්නෙ නීති සම්පාදනය කරන්න බව. ඉතින් ජනතාව හැටියට අපි මුළින්ම තේරුම් ගන්න ඔිනෙ, අපි යවන නියෝජිතය ඉන්නෙ රස්සාවල් හොයල දෙන්න නෙවෙයි කියල.
මේක තේරුම් ගත්තට පස්ස‌ෙ අපිට පුළුවන් හොඳ මහජන නියොජිතයො තෝරගන්නෙ කොහොමද කියල බලන්න. අපි දකින විදිහට හොඳ දේශපාලඥයෙක් තෝරගන්න කරුණු 5ක් බලපානව.
  1. තමා ඡන්දය ඉල්ලන ප්‍රදේශයේම ජීවත් වෙන්නෙක් වීම.- නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේදි, කෙනෙක් පාර්ලිමේන්තු යැවීමෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ අපේ ප්‍රශ්න නියෝජනය කරන්නෙක්. ප්‍රදේශයේ සමාන්‍ය මිනිස්සු අත්විඳින අත්දැකීම් ගැන අවබෝධයක් නැති කෙනෙක් ඒ මිනිස්සු ගැන කතා කරන්නෙ කොහොමඳ? ඒ නිසා අපි විශ්වාස කරනව මහජන නියෝජිතය ඒ ප්‍රදේශයේම ජීවත් වෙන්නෙක් විය යුතු බව.
  2. අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් තිබීම.- පාර්ලිමේනතු යන නියෝජිතයාට තමන්ගෙ වගකීම (නීති සම්පාදනය) හරියට ඉටු කරන්න නම්, ඒ ගැන දැනුමක් තියෙන්න ඔ්නෙ. තමන්ගෙ වගකීම මොකද්ද කියල තේරුම් ගන්න, ව්‍යවස්ථාව කියවල අවබෝධ කරගන්න, හැකියාවක් තියෙන්න ඔ්නෙ. ඒ නිසා මහජන නියෝජිතයා කාර්මික ශේස්ත්‍රයේ කෙනෙක් (blue collar worker) නම්, අවම වශයෙන්  NVQ එකකුත්, සේවා ශේස්තුයේ කෙනෙක් (blue collar worker) නම්, අවම වශයෙන් උපාධියකුත් තිබිය යුතු බව අපි විශ්වාස කරනව.
  3. Conflict of interest නොතිබිම.- ලංකාවෙ ව්‍යවස්ථාවට අනුව රජයේ සේවකයෙක්ට දේශපාලනයේ යෙදෙන්න බැහැ, Conflict of interest නිසා. හැබැයි පෞද්ගලික අංශයේ ව්‍යාපාර තියන අයට ව්‍යාපාර වල සේවය කරන අයට ඡන්දය ඉල්ලන්න පුළුවන්. Conflict of interest ඇති වෙන්නෙ, පෞද්ගලික ව්‍යාපාර වලට සම්බන්ඳතා තියන දේශපාලඥයෙක් තමාගේ දේශපාලන බලය, නීති සම්පාදනය කිරීමේ අයිතිය යොදාගෙන තමාගේ ව්‍යාපාරයට ලාභ වෙන විදිහෙ තීරණ ගැනීම තුළින්. මේක ලෝකයේ ගොඩක් රටවල සිද්ධ වෙන අවාසනාවන්ත සිද්ධියක්. පෞද්ගලික ව්‍යාපාර වලට සම්බන්ධ සෘජුව සම්බන්ධ පුද්ගලයින් රටේ ප්‍රතිපත්ති හඳන තැනට යවල අනවශ්‍ය අවධානමක් ගත යුතු නැහැ.
  4. හොඳ දේශපාලන භාවිතයක් (track record) තිබීම.- මේක වැඩියෙන් අදාළ වෙන්නෙ මීට පෙරත් ජනතාව නියෝජනය කරපු දේශපාලඥයන්ට. ඡන්දෙ භාවිත කරන්න කලින් කෙනෙක් කී පාරක් තමන්ගෙ පක්ෂය මාරු කරල තියනවද, නඩු පැවරිලා තියනවද, නීතිය ඉදිරියේ වැරදි කාරයෙක් වෙලා තියනවද කියල බලන්න ඔිනෙ. ඒ වගේම තමයි තමන් නියෝජනය කරන ජනතාව වෙනුවන් කීපාරක් පාර්ලිමේන්තුවේ කතා කරල තියනවද, නීති සම්පාදනයට දායක වෙලා තියනවද කියල බලන්න ඔ්නෙ (manthri.lk). මේ කරුණු කිහිපය තුළින් අපිට බලාගන්න පුළුවන් මහජන නියෝජිතය කොච්චර ප්‍රතිපත්ති ගරුකද කියල. ප්‍රතිපත්ති තියන නියෝජිතයට තමන්ගෙ පෞද්ගලික වාසිය වෙනුවෙන් තමන් විශ්වාස කරන අචාර ධර්ම, දේශපාලන විශ්වස (ideologies) පාවල දෙන්න අමාරුයි. ඒ නිසා තමයි හොඳ දේශපාලන භාවිතයක් තියෙන මිනිස්සු පාර්ලිමේන්තු යැවිය යුත්තෙ.
  5. සමාජයට, පරිසරයට අහිතකර ව්‍යාපාර වලින් අනුග්‍රහ නොලැබීම.- අපේක්ෂකයෙක් පාර්ලිමේන්තු එවන්න මුදල් වියදම් කරන්නෙ කවුද කියල බලන එකත් වැදගත්. වැලි මුදලාලි කෙනෙක් සල්ලිවියදම් කරල දේශපාලඥයෙක් පාර්ලිමේන්තු එව්වහම, අපිට බලාපොරොත්තු වෙන්න බැහැ ඒ මහජන නියෝජිතය වැලි ගොඩදැමීමෙන් පරිසරයට සිදුවන හානිය ගැන පාර්ලිමේන්තුවෙකතා කරයි කියල.ඉතින් දේශපාලඥයො ව්‍යාපාර වලින් campaign වලට සල්ලි එකතු කරද්දිම සමාජය, පරිසරය මුදලට විකුණල ඉවරයි කියල තමයි අපි හිතන්නෙ.
අපි නියෝජනය කරන මහජන නියෝජිතයෝ අඩුම තරමින් මේ කරුණු 5 සම්පූර්ණ කරල තියනවද කියල පොඩ්ඩක් හිතල බලන්න. නැතුව කාපට් පාරට, රස්සාවට, බත් පැකට් එකට මේ රටේ අනාගතය විකුණන්න එපා.

-රට කරවන හැටි
https://anchor.fm/rata-karawana-hati/episodes/Rata-Karawana-Hati-Podcast-Episode-17-egqd66

Comments

Popular posts from this blog

කළු ඉරිදාවට සහය දීම

ලොකු කල්ලියේ කතාව

Port City