Posts

Showing posts with the label UNP

සජිත්ගේ දැක්ම

සජිත් ප්‍රේමදාස තරම් මෙරට ජනතාව මුලා කල දේශපාලඥයෙක් මෙරට නොමැති බව අපේ මතයයි. ගෙවී ගිය සෙරෙප්පු පැලද, ඒදණ්ඩෙන් එගොඩ වී ජනතා සේවයට එන "දුප්පතාගේ මිනිසා" ජනාධිපතිවරයෙකුගේ පුතෙකි. දුප්පතාට අදාල වන නීතිය මේ ජනාධිපති පුතාටවත්, පුතාගේ නැගෙණියටවත් අදාළ නොවන බව අපි මීට පෙර දුටුවෙමු. කැමරාව පිටුපස සජිත් දුප්පතාට සලකන අයුරුද අපි දුටුවෙමු. එය පාඨක ඔබටද අමතක නොමැති බව අපි විශ්වාස කරමු. නමුත් මෙවර ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඔහු ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද අපේ අදහස් මෙලෙස දැකිවිය යුතු බව අපි විශ්වාස කරමු. Dulanjalee Premadase, dud money | (English) උස නම් සෙකුරිටි| (සිංහල) හොඳ ජාත්‍යන්තර ප්‍රමිතියට පොලීසිය පුහුණු කිරීම. (පිටුව 7)- මෙරට පොලීසිය පිළිබද තිබෙන දුර්වල ආකල්පයට ප්‍රධාන හේකුවක් වනුයේ බහුතරයක් පොලිස් නිලධාරීන් නිවැරදි පුහුණුවකින් තොරව, තමන්ට සිතෙන දේ කිරීමයි. ඒමෙන්ම body cam වැනි උපාංග යොදාගෙන හෝ අල්ලස් ගැනීම්, අනිසි ලෙස බලය යෙදීම වැනි ගැටළු වලට පිළියම් සෙවීමට ඔවුන් අපොහොසත් වීමයි. ඒබැවින් මෙරට පොලිස් සේවය සම්පූර්ණ ප්‍රතිව්‍යූහගත කිරීමට...