සජිත්ගේ දැක්ම

සජිත් ප්‍රේමදාස තරම් මෙරට ජනතාව මුලා කල දේශපාලඥයෙක් මෙරට නොමැති බව අපේ මතයයි. ගෙවී ගිය සෙරෙප්පු පැලද, ඒදණ්ඩෙන් එගොඩ වී ජනතා සේවයට එන "දුප්පතාගේ මිනිසා" ජනාධිපතිවරයෙකුගේ පුතෙකි. දුප්පතාට අදාල වන නීතිය මේ ජනාධිපති පුතාටවත්, පුතාගේ නැගෙණියටවත් අදාළ නොවන බව අපි මීට පෙර දුටුවෙමු. කැමරාව පිටුපස සජිත් දුප්පතාට සලකන අයුරුද අපි දුටුවෙමු. එය පාඨක ඔබටද අමතක නොමැති බව අපි විශ්වාස කරමු. නමුත් මෙවර ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඔහු ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද අපේ අදහස් මෙලෙස දැකිවිය යුතු බව අපි විශ්වාස කරමු.
Dulanjalee Premadase, dud money | (English)
උස නම් සෙකුරිටි| (සිංහල)

හොඳ

  • ජාත්‍යන්තර ප්‍රමිතියට පොලීසිය පුහුණු කිරීම. (පිටුව 7)- මෙරට පොලීසිය පිළිබද තිබෙන දුර්වල ආකල්පයට ප්‍රධාන හේකුවක් වනුයේ බහුතරයක් පොලිස් නිලධාරීන් නිවැරදි පුහුණුවකින් තොරව, තමන්ට සිතෙන දේ කිරීමයි. ඒමෙන්ම body cam වැනි උපාංග යොදාගෙන හෝ අල්ලස් ගැනීම්, අනිසි ලෙස බලය යෙදීම වැනි ගැටළු වලට පිළියම් සෙවීමට ඔවුන් අපොහොසත් වීමයි. ඒබැවින් මෙරට පොලිස් සේවය සම්පූර්ණ ප්‍රතිව්‍යූහගත කිරීමටකට ලක් විය යුතුය. 
  •  දේපල නඩු සඳහා ගත වන කාලය සීමා කිරීමට සංශෝදන ගෙන ඒම (පිටුව 19)- ශ්‍රී ලංකාවේ අධිකරණ ශේස්ත්‍රය පිළිබද බහුතර පුරවැසියාට තිබෙන්නේ සෘණාත්මක ආකල්පයකි. ඒයට මූලික හේතුවක් වනුයේ, සැබෑ ජන ජීවිතය පිළිබද අධිකරණටයට තිබෙන අනවබෝධය හා මූසල කම්මැලි බවයි. ඒබැවින් මේ යෝජනාව ඉතා කාලෝචිත වන බව අපි සිතමු.
  • ජාතික පර්යේෂණ අරමුදල (පිටුව 28)- "ලෝකයේ අමාරුම විභාගය" සමත් වන අපේ බුද්ධිමත් තරුණ පරපුර ඉහළ අධ්‍යාපන කටයුතු සදහා විදේශගත වීම අද වන විට සුලභ දෙයකි. ඒසේ විදේශගත වන තරුණ පරපුර ඔස්ට්‍රේලියාවේ, ඒංගලන්තයේ, රුසියාවේ Research and Development වලට දායක වෙමන් ඒ රටවල් ආර්ථිකය දියුණුකිරීමට දායක වෙති. නමුත්, අපේ රටේ බුද්ධිය මෙරටෙහි නව ව්‍යාපාර ආරම්භ කිරීමට, මෙරටෙහි නව නිපැයුම් ඇතිකිරීමට යොදාගත යුතුය. ඒ සදහා ජාතික පර්යේෂණ අරමුදල වැනි වැඩපිලිවෙළක් අත්‍යාවශ්‍යය.
  • කඩදාසි විකල්ප හදුන්වාදීම (පිටුව 29)- පරිසර සංරක්ෂණය පිළිබද බොරු සෝබන වෙනුවට සිදුවිය යුත්තේ මෙවැනි සැබෑ විසිදුම් ක්‍රියාවට නැන්වීමයි.
  • බස් රථ හිමියාගේ ආදායම හා ප්‍රවාහනය කරන මගීන් ගණන අතර සම්බන්ධතාව ඉවත් කිරීම (පිටුව 41)- ලංකාවේ පොදු ප්‍රවාහන සේවය පිලිබද ලාංකික ජනතාවට ඇත්තේ සතුටුදායක අත්දැකීමක් නොවෙයි. එයට මූලික හේතුවක් වනුයේ පාරිභෝගිකයා බිල්ලට දී, රේස් යන "බස් කාරයාය". ඔවුන්ද තමන්ගේ බඩගින්න නිවා ගත යුතුය. එබැවින් රජයක සැබෑ වගකීම වන්නේ මෙම ගැටළුවට දිගුකාලීන පිළිතුරක් ලබා දීමයි. ආදායම හා ප්‍රවාහනය කරන මගීන් ගණන අතර සම්බන්ධතාව ඉවත් කිරීම තුලින් කාලසටහනකට දිවෙන වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන සේවයකට ප්‍රවේශය ලබා ගත හැක.
  • සංචාරක කර්මාන්ත නියාමනය (පිටුව 51)- විදේශිකයන් පමණක් නොව ලාංකික අපිද දුර බැහැර ප්‍රදේශයක විනෝද චාරිකාවක් ගිය විට මුහුණ දෙන ගැටළු අපමණය. නිසි පරිදි ජලය නැති, නිසි පරිදි ඉදි කිරීම් නොකල, විදුලිය නොමැති නවාතැන් පොළවල් ඔ්නෑතරම් මෙරටෙහි ඇත. ඒවායේ ගොස් කට්ට කන්නේ විදේශික සංචාරකයාටත් වඩා ලාංකිකයාය. එබැවින් සංචාරක කර්මාන්තය, විශේෂයෙන්ම හෝටල් සේවය නිසි පරිදි නියාමනය විය යුතු බව අපි අදහස් කරමු.

නරක

  • තනාපතිවරුන් පත් කිරීම. (පිටුව 18)- තනාපතිවරයෙක් යනු නිලධාරියෙකුට වඩා ඔබ්බට ගිය රාජකාරියකි. තනාපතිවරයා තම මව් රටේ නිළ නියෝජිතයාය. ඒබැවින් ඒම තනතුරු වලට පත් කළ යුත්තේ විදේශ සේවයේ අත්දැකීම් සහිත, රාජ්‍ය සේවකයන් මිස, බේබිලාගේ මුට්ට කර ගහන හෙන්චයියන් නොවෙයි. නමුත්, තමාගේ ඒහා පත්තේ මිතුරන් මෙන්ම, සජිත් ප්‍රේමදාසද තනාපති සේවයට පැහැදිලි වෙනසක් ගෙන නොඒන බව ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පෙනීයයි.
  • රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම. ඒ තුලින් අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා ඒක් දිනකින් ලබා දීමට කටයුතු කිරීම. (පිටුව 21)- අපි මින් පෙර ගෝටාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය විවේචනය කරන විට ඔහු මෙම කරණාවටම යෝජනා රට වටා ජාතික හැදුනුම්පත්, වාහන ලියාපදිංචි කිරීම් වැනි පහසුකම් සහිත මධ්‍යස්ථාන පිහිටුවීමයි. ඒහි ප්‍රායෝගික බව අපි නොදන්නෙමු. මෙහිදී සජිත් ගේ පෞද්ගලික ලේකම් වුවත් පිළිගත යුතු කරුණ වන්නේ‍, ගෝටගේ යෝජනාව සැබෑ විසදුමක් යන්නයි. බොරු පොරොන්දු දීමට යොදා ගන්නා ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් වත් මේ ගැටළුවට සාර්ථක පිළිතුරක් දීමට සජිත්ට නොහැකි නම්, ඔහු ට රටක් විසදුම් තිබේද යන ගැටළුව මතු වෙයි.
  • පාසල් අධ්‍යපනය (පිටුව 55)- ලකාවේ අධ්‍යාපනික විෂමතාවය විසිදීමට සජිත් ගේ යෝජනාව පිටු බාගයකි. එහි වැදගත්ම කාරණාව වනුයේ නාගරීකරණය වන ප්‍රදේශවල පාසල් 40ක් ආරම්භ කිරීමයි. ඈත එපිට ගම්මාන වල සිටින දරුවන්ට ගුරුවරුන් ලබා දීම ගැන හෝ පාසල් අතර පවතින විෂමතාවය ඉවත් කිරීමට සජිත්ට කිසිදු උවමනාවක් නොමැති බව කණගැටුවෙන් වුවුද කිව යුතුය. 

ගොන් ජෝක්

  • දූෂණයට සම්බන්ධ සියලු දෙනාට විරුද්ධව ක්‍රියයාමර්ග ගැනීම (පිටුව 8)- මහ බැංකු වංචාව ට සම්බන්ද රවී කරුණානායක, රනිල් විකුමසිංහ, සුජීව සේරසිංහ වැනි පුද්ගලයින් සමග ඒක් වේදිකාවක සිට මේවා කියන්නේ කෙසේදැයි ගැටළුවක් මතු වෙයි.                                                                            ජනාධිපති කොමිෂන් සභා වාර්ථාව| (English)                                                                                මහ බැංකු වංචාව| (English)
  •   ආරක්ෂක අංශ ශක්තිමත් කිරීම (පිටුව 14)- වසර 5 බලයේ සිට ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමේ හදිසි අවශ්‍යතාවයක් සජිත්ට ඇති වී තිබීම ජාතියේ වාසනාවකි. මොකද UNP ය බලයේ සිටින සමයේ ඔවුන් ආරක්ෂක අංශ ශක්තිමත් කිරීම නිසා පාස්කු ඉරිදා කිසිවෙක් මිය නොගිය බව අපට හොඳින් මතකය.
  • ශාක මිලියන 30ක් සිටවීම. (පිටුව 23)- අපි ගෝටාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන කියන විට කිව්වේද,මධ්‍යම රජයක ප්‍රතිපත්තිය විය යුත්තේ, ප්‍රතිපත්ති, නීති සම්පාධනය කිරීම විනා, ගස් සිටුවීම, විනෝද්‍යාන සැකසීම නොවන බවයි. ගෝලීය උණුසුමට විසදුම් දීමට නම් රජයක් විසින් කල යුත්තේ කාබන් පිට කරන කර්මාන්තශාලා වලට බදු පැන්වීම, අතුරු බල ප්‍රභවයන්ට යොමු වීම, ගස් කැපීම හා වැලි ගොඩදැමීම පිළිබද නිසි නීති, රාජ්‍ය ඉලක්ක සැකසීම විනා, බොරු ෂෝ දැමීම නොවන බව අපගේ විශ්වාසයයි. ඒමෙන්ම මෙරට වෘකෂ සම්පත රැකගැනීමේ මූලික පියවර විය යුත්තේ මෙවන් බොරු පොරෝන්දු දීම නොව ලක්ෂමන් කිරිඇල්ල වැනි වන සංහාරිකයන් නීතිය ඉදිරියට ගෙන ගොස් ඔවුන්ට දඩුවම් දීමයි.                                                                                                                                       ලක්ෂ්මන් කිරිඇල්ල, නකල්ස් | (සිංහල)
  •  අලි මිනිස් ගැටුම (පිටුව 24)- මිනිසුන්ගේ අදහස් ගෙන ඒවා ක්‍රියාත්මක කිරීම දේශපාලඥයාගේ වගකීමකි. නමුත්, සිය ප්‍රකාශනය තුළ අලි මිනිස් ගැටුමට "ජනතා උපදෙස් ගෙන ක්‍රියාකිරීම" හැර වෙනත් වැදගත් යෝජනාවක් නැත. "අඩුම තරමින් සජිත් ගේ මන්තරේ වත් ඒයි ඇතුළත් කොට නොමැත. 😒 /s"
  • Data පැකේජ වල මිල අඩු කිරීම (පිටුව 29)- ෆ්‍රී වයි ෆයි| (English, සිංහල)          
ඡන්දයට තිබෙන්නේ තව දින 5 ක් වැනි කෙටි කාලයකි. 16 වෙනිදා තමන්ගේ වටිනා ඡන්දය ලබා දෙන විට ඔබගේ අපේක්ෂකයාගේ අනාගත දැක්ම පිළිබද හොදින් අවදානය යොමු කරන්න. ඒමෙන්ම ඔවුන්ගේ අතීත ක්‍රියාකලාපය ගැන සලකා බලන්න. වේදිකාවේ එක් මුහුණකුත්, කැමරා පිටුපස තවත් මුහුණකුත් පෙන්වන දිව දෙකේ නයින්ට ඡන්දය දීමට පෙර හොදින් සිතා බලන්න.


#Maheshakya

Comments

Popular posts from this blog

කළු ඉරිදාවට සහය දීම

ලොකු කල්ලියේ කතාව

Port City