ඇත්තෙන්ම මේ අවස්ථාවේ අපට වෙනසක් අවශ්‍යද? වෙනසක් අවශ්‍ය නම් ඇයි? මට තේරෙන විදිහට නම් අපට වෙනසක් දැන් අවශ්‍යව ඇත. ඒ වෙනසට හේතු සාධක ඇත. මම මුළ සිටම පටන් ගන්නම්. 1.මහින්ද චින්තනය එළි දක්වන දවස් වල මම ඒකට ගොඩක් කැමැත්තෙන් හිටියේ. ඒ campaign එකේ පාවිච්චි කරපු music 1 නිසා වෙන්නත් පුළුවන්. :) මහින්ද චින්තනයේ දැක්වෙන විදිහට එතුමා බලයට පත් වුනහම ලංකවේ විධායක ජනාධිපති ධූරය අවලංගු කරන බවට ප්‍රතිඥාවක් එහි අඩංගු වුණා(ලු). දැන් එතුමා තර්ක කරන්නෙ කොටි ඩයස්පෝරාවට මුහුණ දීමට අවශ්‍ය නම් විධායක ජනාධිපති ධූරය අත්‍යාවශ්‍යයි කියාය. නමුත් ලෝකෙට ලොක්කා ඇමරිකාවටවත් ඔය විධායක ජනාධිපති ධුරය නැතුව යුද්ධ කීයක් කරන්න පුළුවන් වුණාද? අපි අනුමානයක් හැටියට විධායක ජනාධිපති ධුරය අවශ්‍යයයි කියමුකො. ඉතින් එහෙමයි කියල ඔය ධුරය අහෝසි කරන්න ඕනෙ කිව්ව පුද්ගලයින් ඇයි ඒක තවමත් තම සියතේ තබාගෙන ඉන්නෙ. අවම වශයෙන් වෙන අයෙකුට ඔය තනතුරට තරඟ කරන්න දීල යන්න තිබ්බනෙ. (ඔය කොටි ඩයස්පෝරාවට මුහුණ දෙන්න පුළුවන් ජන නායකයෝ ආණ්ඩුවේ ඕනෙ තරම් ඉන්නෙ. 2. අපි දන්නා ආකාරයට ලංකාවේ නවතම දුර මැනීමේ ව්‍යවහාර ඒකකය "මහින්ද board" ය. ඒ තරමටම එ...
Comments
Post a Comment